June 07, 2011

මයික්‍රෝසොෆ්ට් මැතමැටික්ස් 4.0

ඇත්තටම මම පාවිච්චි කරපු සරලම සහ හොදම ගණිත වැඩ සටහන තමා මයික්‍රෝසොෆ්ට් මැතමැටික්ස් කියන්නේ. ඒකේ භාවිතය ඇත්ත‍ටම ගොඩක් පහසුයි. අපිට තේරුම් ගන්න අමාරු දේවල් ඒ කියන්නේ පැහැදිලි කලාට තේරේන්නේ නැති දේවල් ඒ කියන්නේ භූතාර්ථ(Entities) තේරුම් ගන්න අපිට ගොඩක් ජ්‍යාමිතික රූප අවශ්‍ය වෙනවා. ඒවගේ රූප අපිට මේ මෘදුකාංගය හරහා අඩු දැනුමකින් යුතුව ප්‍රස්ථාර ගත කරගන්න පුලුවන්.
මැත්ලැබ් වගේ ඒවයිනුයි ලිනක්ස් වලට ‍එන මෘදුකාංග වලින් ඇත්තටම අමාරුයි ගණිතය සම්බන්ධ දෙයක් ඉගෙන ගන්න. ඒවා ඇත්තටම බැලුවොත් ගණිතය දන්න අයට පාවිච්චි කරන්න හදපුවා. මොකද හරියටම විධාන ඇතුලත් කලේ නැත්තම් වැරදි කියලා කියනවා. ඒවුනාට මේ මෘදුකාංගයෙන් ගණිතය ඉගෙන ගන්න පුලුවන්. මම මුලින්ම සයින් ප්‍රස්ථාරය දැක්කෙත් මේ වැඩ සටහනෙන්. එතකං මම එහෙම ප්‍රස්ථාරයක් ගැන දන්නේ නෑ.
ඒ වගේම තමා මේක ඉස්සර දුන්නේ එන්කාටා එක්ක නොමිලේ. දැන් හැබැයි මේක ඕ‍නම කෙනෙක්ට නොමිලේ. මම මේ ගැන ලිපියක් ශිරෝෂන් මල්ලිත් එවලා මම ගණිතය.org එකේ දැම්මේ නැත්තේ මේ මෘදුකාංගය නොමිලේ දෙන්නේ නැති හන්දා. හැබැයි දැන් නොමිලේ දෙන නිසා මම ගොඩක් කැමැත්තෙන් මේ ලිපිය ලියනවා.
අපිට අවශ්‍ය නම් මේ මෘදුකාංගය උපයෝගි කරගෙන ත්‍රිමාන ප්‍රස්ථාර වුනත් ඇදගන්න පුලුවන්. මේකෙන් ගැටලු විසදන්නේ ‍පියවරෙන් පියවර හන්දා අපිට පියවර දැන ගන්නත් පුලුවන්. හැබැයි ඒක අයුතු විදිහ‍ට ඉස්කෝලේ ගෙදර වැඩ කරන්න පාවිච්චි කරන්න හොද නෑ.
sd
ඇත්තටම හොද දේට හොදයි කියන්න ඕනේ. මේක නොමිලේ ලබා දෙන එකට මම මයික්‍රොසොෆ්ට් ආයතනයට ස්තුති වන්‍ත වෙනවා. මේ මෘදුකාංගයට ගොඩක් හොද හාඩ්වෙයා‍ර් අවශයත් නෑ 64MB විඩියෝ කාඩ් එකක් 512 රැම් එකක් 1GHz ප්‍රොසෙසරයක් හොදටම ඇති.
හැබැයි පොඩි කොස්සක් තියනවා, Windows Installer 3.1 යි, Microsoft .NET Framework 3.5 SP1 යි, දාලා තියෙන්නම ඕනේ. ඩොට්නෙට් ෆ්‍රේම්වර්ක් එක නම් මෙගාබයිට් 200 කට වැඩි. කැමති නම් දාගන්න.
http://www.microsoft.com/education/products/student/math/default.aspx ‍- මුල් පිටුව

No comments:

Post a Comment