June 26, 2011

මොකටද මේ?

අපි හැමෝම ඉගෙන ගන්නවා. ඉපදුන දවසේ ඉදන් එක එක දේවල් කරනවා. සල්ලි හම්බ කරනවා. තරග කරනවා. අම්මලා තාත්තලා හැමෝටම ඕනේ තමුන්ගේ ලමයා දක්ෂයෙක් වෙනවා දකින්න. අනෙක් අය පරයා යනවා දකින්න. ඇත්තටම අපි තරගයක වැටිලා. කොල්ලෝ කෙල්ලෝ හින්දා තරග කරනවා, ගහගන්නවා. ඉවරයක් නෑ. කෙල්ලෝ කැපිලා පේන්න බියුටි කචල් කරනවා.

හැමෝම බොරුවට දගලනවා කියලා මට වෙලාවකට හි‍තෙනවා. ඒවුනාට මටත් නොදැනිම වෙලාවකට මාත් රේස් දුවනවා. පොරවෙන්න හදනවා, පලවෙනියා වෙන්න හදනවා. අපිව මුලා කරලා අපෙන් අයුතු ප්‍රයෝජන ගන්නවද මන්දා කියලා වෙලාවකට හිතෙනවා. ඒත් ඒක ඉක්මනට අමතක වෙනවා.

ඇයි මම මස් කන්නේ කියලා හිතෙනවා. කන්නේ නැතුව ඉන්න හි‍තෙනවා. ආයේමත් යාලුවො කනකොට මාත් කනවා. මට මොනාවෙලාද කියලා මට නම් තෙරෙන්නේ නැ. ඒත් මම හිතන්නේ මම වගේම අනික් අයටත් මේක තේරෙනවා ඇති. ඒත් ගනන් ගන්නේ නැතිව ඇත්ද පාලනය කරගන්නේ නැද්ද කියලා හිතෙනවා.

අපේ අවශ්‍යතා වලට මුලු පරිසරයම පාවිච්චි කරනවා. ඒවාට හැම දේටම අපි සෘජුව හෝ වක්‍රාකාරව හරි සහභාගි වෙනවා. ඇත්තටම ඒක බොහොම නරක දෙයක්. ඒක ගැන කතා කරනවනම් ගොඩක් දිගට ලොකුවට කතා කරන්න ඕනේ කියලා හිතෙනවා.

අපිට සරල ජිවිතයක් ගත කලාම මොකද වෙන්නේ කියලා ඇහුවාම කියන්න උත්තර නැති වෙන්න පුලුවන්. ඇත්තටම අපි හැමදේම පාවිච්චි කරලා මැරුණත් මොකද කියලා ඇහුවොත් ඒ ආත්මාර්ථකාමි හිතට මගේ ගාව උත්තරයක් නෑ. ඒවුනත් අපි අපිවගේ ගොඩක් අයගේ ජිවිත එක්ක සෙල්ලමක් කරන්‍නේ. ඒක හොද වැඩක් නෙමේ…

No comments:

Post a Comment