September 01, 2011

අලුත් මාසේ පරණ විභාගේ

jarrod-lair-1

මේ මාසේ බුද්ධි පරික්ෂණයත් තියනවා. සමහරු බුද්ධි පරික්ෂණ පෙරපුහුණු පන්තිත් යනවා. සමහරු පලවෙනි දවස පන්ති ගිහින් දෙවෙනි දවස වෙන පන්ති වලට යනවා. තවත් සමහරු දෙවෙනි දවසේ කොලඔ යනවා. තවත් අය කොල්ලුපිටියේ යනවා. ඊට කලින් දවසේ ටිකට් බුක් කරනවා.

(ඕක ලියලා දැම්මා කියලා කේන්ති ගන්නවා එහෙම නෙවේ රත්තරං පුතේ මොකෝ මම නම කිව්වේ නැනේ. ඒ දුවටත් එහෙම්මම තමයි.)

කොහොම වුනත් බුද්ධි පරික්ෂණ පැත්තක මම මගේ ඩිවලොපින් වැඩ කොරගෙන කොරගෙන යනවා. දැන් මගේ මොලේ මලකඩ කාපු හරියෙන් ටික ටික  C# හැලෙන්න ගන්නවා. අපරාදේ කියන්න බැ VS2010 මාර ලේසි දැන් ඩිවලොප් කරන්න. ටාගට් මැෂින් එක හොදට තියනවනම් කියලා වැඩක් නැ.

දැන් වින්ඩෝස් එක්ස්පි වලටත් ‍.NET Framework 4.0 දාන්න පුලුවන්. SP2 වුනත් WIC (Windows Imaging Component) දාගත්තාම පුලුවන්. හොද වෙලාවට ජෙනුවින් කතන්දර නෑ. මම ජෙනුවින් නොවෙන වින්ඩෝස් පාවිච්චි කරන්න කැමති නැතත්. මගේ ටාගට් මැෂින් වල වැඩ කරන අයට වින්ඩෝස් එක්ස්පීම ඕනේ.

ඉතින් මම මෙහෙම ඩිවලොප්මන්ට් කරන ගමන් බ්ලොග් ලියනවා. ෆේස්බුක් ඉන්නවා. බ්ලොග් කියවනවා. ඔය යද්දි Deeps අක්කගේ බ්ලොග් එකේ පොදු පරික්ෂණය ගැන තිබුනා. මගේ යාලුවෙක් ගේ මගෝඩියකුත් මතක් වුනා. ඇත්තටම දැන් මගේ හිත පුදුම සැහැල්ලුවක ඉන්නේ.

බලමුකෝ මේ විභාගේ කොටසත් ලියලා.

No comments:

Post a Comment