October 23, 2011

SLECC එක දන්නෙත් නැ

මම ඉතින් පෝස්ට් එකක් ලිව්වනේ කොටස් වෙලදපලට අවුරුදු 25යි! කියලා. ඉතින් ඕක කියවන්න කෂ්ටිය ආවට කමෙන්ට් එකක්වත් ආවේ නැ. ( මොකට බොරු කියනවද? ) ඉතින් මම මගෙ ස්කොලේ යාලුවෙකුයි මගේ පොඩි කාලේ යාලුවෙකුයි සැට් කරගෙන ඉතින් ගියා ප්‍රදර්ශනය බලන්න.

මම අයිලන්ඩ් පත්තරේ දැක්ක දැන්‍විම තමා කියවල තිබුනේ යාලුවො දෙන්නම මේ දේ ගැන කිසිම දෙයක් දන්නේ නැ. ඉතින් මම දැක්කා මේකේ තියනවා SLECC එකේ තියෙන්නේ කියලා BMICH එකත් රෙපයාර් හන්දා මම හිතුවා සිරිමාවෝ එකේ මේක තියනවා ඇති. ඒකට තමා මේ SLECC කියනවා ඇත්තෙත් කියලා.

ඉතින් මම යාලුවො දෙන්නා එක්ක ගියාම ඒකේ අධ්‍යාපන ප්‍රදර්ශනයක්. ඒත් මම බය වුනේ නැ. මොකද මම පත්තරේ දැක්කේ මෙහෙම නිව්ස් එකක්.

SEC celebrates 25 years with mega  educational exhibition



The Securities and Exchange Commission of Sri Lanka (SEC) is celebrating its 24th anniversary in October 2011. In view of this the SEC has made arrangements to conduct an educational exhibition and a road show titled "Investment Day 2011" at the Sri Lanka Exhibition and Convention Centre (SLECC) on 22nd October 2011 from 9.30 a.m. to 5.00 p.m. ...


ඉතින් ගිහින් බලපුවාම SLECC කියන්නේ සිරිමාවෝ එක නෙමේ ඉතිං ඊට පස්සේ මගේ යාලුවගේ ෆෝන් එකේ GPS එකට පින් සිද්ධ වෙන්න තැනට ගියා. අපි තුන් දෙනාම SLECC එක ගැන දන්නේ නැ. ඒක හන්දා මම නම දැම්මෙත් නැ.

ඉතිං මගේ යාලුවො දෙන්නත් මම රෙජිස්ටර් වෙලා ඉන්න තැරැව්කාර සමාගමේම රෙජිස්ටර් කරලා CDS ගිණුම් ඇරලා. අපි ගෙදර ආවා.යාලුවො දෙන්නම කොටස් වෙලදපල ගැන තිබුන සිංහල පොතක් ගත්තා. මම ඉතිං කියවන්න ඉල්ලගෙන ආවා. හිතුවටත් වඩා ඉක්මනට කියවල ඉවර කලා.

මේ පොත 250ක් අලුතින්ම කොටස් වෙලද පලට එන කෙනෙක්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. හැබැයි දැනට කොටස් වෙලද පලේ ඉන්න අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න නම් නැ. මම හිතන විදිහට.

කොටස් වෙලද පල සුදුවක්ද? කියලා ලිපියක් තියනවා, ඒක නම් නියමෙටම ලියලා තියනවා.

2 comments:

  1. ඕක ගෙනත් දෙනවකෝ........ !!!!! ;)

    ReplyDelete
  2. ගෙනත් දෙන්නම් බන් ඉදපන්කො චු‍ට්ටක් හික්ස් මම කියවලා ඉවරයි

    ReplyDelete