අද
සමගීගේ ස්ටේටස් දැකලා මතක් වුනේ මම බ්ලොග් එකේ දාන්න හිටපු පෝස්ට් එකක්. සමගිගේ ස්ටේටස් පහත පරිදි විය.
යසිරු අයියාගේ අළුත් ගණිත පන්තිය ආරමිභ කරන සතුටට පාටි ඉල්ලීමට ගොස් මගේ උපන් දින පාටිය කසුන් අයියාට දී ආපහු ආවෙමි. #දුක සේ
ඉතින් මම ඉස්සර ගණිතය.org සයිට් එක කලානේ. ආවාසනාවට ඒ හැම පෝස්ට් එකක්මත් නැතිවුනා. ඉතින් මම මේ ලගදි (ලගදි කිව්වට මාස ගානකට කලින්) බලපු ෆිල්ම් එකක ගැටලුවත් තමයි මම මේ පෝස්ට් එකේ දාන්නේ. මේක දන්න අය දැනටමත් ඇති. මම ඒත් මේ ගැටලුව දැකලා පුදුම වුනා. තේරුම් ගන්න පහසු වුනත් මට මේ ගැටලුවේ උත්තරයක් ගන්න හැටි ගැටලුවේ උත්තරේ ෆිල්ම් එකේම කියනකං තේරුනේ නැ. ගණන් හදන අයට ගැටලුවක උත්තරයක් ලැබුනාම ගැටලුවේ අගය ටිකක් අඩු වෙනවා කියන ඒක හැමෝම දන්නවනේ. ඒත් මට මේ ගැටලුවේ උත්තරය ලැබුනු විගස දැනුනේ අපරාදේ ලේසි එකක් නේ කියන එක. මොකද මම විසදන්න කලින් ගැටලුවට පිලිතුරු ලැබුන නිසා.
ලේබල් ගැටලු කිව්වාම තමා මතක් වුනේ. අපේ ස්කෝලේ අල්ලපු පන්තියේ හිටියා පඤ්ඤුල කියලා කොල්ලෙක්. මේක නික් නේම් එක. ඉතින් දවසක් කෙමිස්ට්‍රි ටිචර් ගැටලුවක් ඉදිරිපත් කරලා මෙහෙම. රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් දෙකක ලේබල් ගැලවිලාලු. ඔය මොනවද රසායන වරිග දෙකක හොදේ. නැවත ලේබල් කිරිමට අනුගමනය කල යුතු පියවර ඇහුවාම අපේ යාලුවා ගත් කටට කියලා තියනවා ගැලවුන ලේබල් දෙක හොයාගන්න ඕනේ කියලා. (කෙමිස්ට්‍රි ටිකක් හරි දැනං හිටියොත් මේක ටිකක් විතර හිනා යන කතාවක්) ඉතින් මේ ගැටලුව ඒවගේ නෙමේ හැබැයි බලන්නකෝ කියවලා.
ගැටලුව:
ටොෆි ජාති දෙකක් සහ පෙට්ටි 3ක් ඇත. ටොපි ජාති දෙක රතු හා නිල් වේ. එක පෙට්ටියක් නිල්ද, අනෙක් පෙට්ටියේ රතුද, අවසාන පෙට්ටියේ සම-මිශ්‍රණයක්ද වේ. මේවා නිල්,රතු,මිශ්‍ර යනාදි වශයෙන් ලේබල් කර ඇත. නමුත් ලේබල් කර ඇත්තේ සියල්ල වැරදියටය. මෙම ටොපි පෙට්ටි 3 තෝරාගැනීමට අවම ගතයුතු ටොපි ගනන කියද?
ඒවා තෝරා බේරාගන්නේ කෙසේද?
මම ගැටලුව වෙනස් කරලා තියෙන්නේ ඒකේ හරයට හානියක් නොවෙන පරිදිය. ෆිල්ම් එකේ ප්‍රශ්නයෙන් ඇහුවේ කීයද කියලා විතරයි යට ප්‍රශ්නය මම ගානේ තමයි.
උත්තරය:
1යි
ටොපි ලේබල්
සියල්ලම වැරදි යන එක අපි අවධානය වැඩියෙන් යොමු කෙරිය යුතුයි. රතු පාටයැයි ලේබල් කල පෙට්ටියේ රතු පාටම ටොපි පමණක් නැත. නිල් පාට යැයි ඇති පෙට්ටියේ නිල් පාටම පමණක් නැත. මිශ්‍ර පෙට්ටියේ මිශ්‍රණයක් ද නැත.
මිශ පෙට්‍ටියේ අනිවාර්යයෙන්ම තනි පාටක් ඇත. මීශ්‍ර පෙට්ටියෙන් එක ටොපියක් ගත් විට එහි ඇති පාට අපිට දැනගත හැක. උදාහරණයක් වශයෙන් මිශ්‍රපෙට්ටියෙන් ගත් ටොපිය නිල් පාටයැයි ගනිමු. එසේ නම් නිල් පාටයැයි ලේබල් කල පෙට්ටියේ නිල් පාට නැති නිසාත් රතු පාට යැයි ලේබල් කර ඇති පෙට්ටියේ නිල් ටොපි ඇත. එමෙන්ම රතුපාට යැයි ලේබල් කල පෙට්ටියේ මිශ්‍රණය ඇත. සරල ලෙස පෙනුනත් හොද සියුම් ගැටලුවකි.