November 06, 2011

මම දැන් දහම් පාසල් යනවනේ

මම ඉතින් දහම් පාසල් යනවා කියලා කියන්න බැරි වුනානේ. ඉස්සරත් දහම් පාසල් ගියා හැබැයි ඒ ලමයෙක් විදහට. දැන් දෙන්න බලන්න විසිල් එකක්, දැන් මම යන්නේ සර් කෙනෙක් වෙලා. අප්පේ ආඩම්බරේ බැරුවා.

මොනවා කරන්නද? දහම් පාසල් වල කව්රුත් උගන්නන් වැඩි‍ය එන‍්නේ නැනේ. මොකද එයාලගේ වැඩ හන්දා. ඒක තමා මම වගේ එකෙකුට දහම් පාසල් ගුරුවරයෙකු විමේ වරම් ලැබෙන්න ප්‍රධානම හේතුව. කොහොම වුනත් මම අදුරන හැමෝටම මම දහම් පාසල් සර් කෙනෙක් කියන්න තමා මම මේක ලිව්වේ හරිය? ඉතින් හැමෝම දැනගන්නවා හොදයි


අනේ දෙයියනේ අද මම හිටියේ බාලාංශ පන්තියක පොඩිම ලමයි එක්කලා. අප්පොච්චියේ මගේ ජිවිතේ අමාරුවෙන් උගන්නපු දවසක් නම් මේවගේ තියන එකක් නැ. හරිම අමාරුවෙන් තමා ඉගැන්නුවේ. ගොඩක්‍ ලොකු ඉවසිමක් ‍ඕනේ වැඩක් තමා ඒකනම් මමත් අත ඇරියේ නැ. එකම පන්තියට ගුරුවරු 3ක් උගන්නලත් අමාරුවෙන් තමා කරන්න ඕනේ. මොකද කේන්ති ගන්නත් බැනේ පොඩි ලමයිනේ. අනික කියන දෙයක් තේරෙන්නෙත් නැනේ. (ඔහොම කිව්වට දැන් ඉන්න පොඩි වුන්ට තේරේන තරම් අපිට තේරෙන්නෙත් නැ.)

4 comments:

  1. hehe. හොදයි හොදයි :D

    ReplyDelete
  2. අසරණ පොඩි එවුන් ටික පව්... සහෝදරය මට ත් චාන්ස් එකක් ලැබෙයි මාර්තු මුල වගේ... නිවාස තරඟ කාලෙට කියපන්..උදව් කරන්න එන්න බැරි වෙන එකක් නැහැ...

    ReplyDelete
  3. ඒ කතාවනම් එච්චර හොද එකක් නෙමේ

    ReplyDelete