November 11, 2011

අද

අද මට ගොඩක් සතුටු දවසක් කාලෙකින්. ඇත්තටම හදවතින්ම සතුටුයි. මේ ලෝකේ විස්තර කරන්න බැරි දේවල් ගොඩක් තියනවා. මම හැමදාම නිදාගන්න කොට ඇහැරෙන කොට ලොකු ප්‍රාර්ථනාවක් කලා. ඒ මගේ රත්තරන්ට මට කතා කරන්න හිතෙන්න කියලා. අවාසනාවට එයා අසනීප වෙලා ඉදලා. මට ඒක දැනගත්තා ම දැනුනු දුකත් විස්තර කරන්න බැරි වුන එකක්. එයා මාව දැන් ගොඩක් තේරුම් අරන් ඉන්නේ. එයා බ්ලොග් එක හැමදාම කියවනවනං මට ඒ ඇති. මම කොච්චර ආදරේ කලත් මම හොදින්ම තේරුම් අරන් තියන දේ එයා මගේ නෙවේ කියන එක.

එයා වෙන කෙනෙක් එක්ක ජිවිතයක් පටන් ගන්නවනං මට වෙන මොකුත් ‍ඕ‍නේ නැ. එයා‍ට මාව දැන් හරි හොදටම තේරුන එකම ඇති. මම එයාට ආදරේ තරම් කව්රුත් දන්නේ නැ. දැන් මට ජිවත් වුනත් එකයි නැතත් එකයි. මට ගොඩක් සතුටුයි මගේ රත්තරන්ට මට කතා කරන්න හිතුන එකට.

3 comments:

  1. මේ මචං. නිකං ගෑනියෙක් නිසා ගෙම්බෙක් වෙන්න එපා. මායම් වලට අහුවෙන්න යන්නත් එපා. තමුන්ගෙ පාඩුවේ සතුටෙන් ජීවත් වෙයන්. හැමදේම හරියයි.

    ReplyDelete
  2. ඔබ නොදැක බැරුවා,ඔබ නැතිව බැරුවා,
    මග සොය සොයා රැව සනහලා
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා..

    මම පෙරුම් පෙරුවා,ඔබ එතැයි සිතුවා...
    මග බල බලා, නෙතු දව දවා
    රත්තරං මං මගබලා සිටියා...

    -ඔබ එන්න.... මොරිස් විජේසිංහ-

    ReplyDelete