November 19, 2011

Google+ Chat

ඔන්න ඔන්න දැන් ගුගල් ප්ලස් හිට් වේගෙන එන්නේ. දැන් ඉතින් ගුගල් ප්ලස් චැට් සපෝට් කරනවා. ඇත්තටම ෆේස්බුක් එකේ හම්බෙන කමියුනිටි එක දැන් එච්චර හොද නැති තත්වයකට පත්වේගෙන එන්නේ. ඒ අතින් ටිවිටර් වල තත්වේ ගොඩක් හොදයි. ෆේස්බුක් පාවිච්චි කරන්නේ මම ඇත්තටම මගේ මග ඇරෙන්න බැරි යාලුවන්ව මේන්ටේන් කරගන්නයි මගේ බ්ලොග් පෝස්ට් වලට පුංච් පහේ පබ්ලිසිට් එකක් ගන්නයි.



ඉතින් අපි ‍ඔහොම ඉන්න අතරේ ගුගල්+ එකට චැට් සර්විස් එක දෙනවා. දැන් ඉතින් වැඩේ නැගලා යන්න යන්නේ. ගුගල් බ්‍රැන්ඩ් පේජස් හිතුවටත් වැඩිය සාර්ථකයි. ඒවගේමයි මට හිතෙනවා මේ චැට් සේවාවත් නැගලා යයි කියලා. හැබැයි මේකේ ඉන්ටෆේස් එක ජිමේල් ඉන්ටෆේස් එකමයි. ඒවගේම පහුගිය දවස් ටිකේ ගුගල් සර්ච් එකෙත් වෙනස්කම් වගයක් කරලා තියනවා. ඒ අතරේ ගුගල් Music Store එකක් පටන් අරන් තියෙන්නේ තාම අපිට ඒකට ඇක්සස් නම් නැ US only.

ගුගල්ලා (බුවල්ලා නෙමේ) බුවල්ලා වගේ ඉන්ටනෙට් එකම අල්ලගන්නයි යන්නේ. මට පහුගිය දවස් ටිකේ දකින්න ලැබුනා ලංකාවේ අය වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ ගුගල් නෙමේ ෆේස්බුක් කියලා*. ඒක එච්චර හොද දෙයක් නෙමේ. ලංකාවේ අය කාලේ නාස්ති කරන එක වැඩි කියලා තමා ඒක පෙන්නන්නේ නම්.(මම දකින විදිහට) දැනුම හොයනවට වඩා බොරුවට කාලේ නාස්ති කරනවා කියලා කිව්වට යාලුවොන්වත් ආස්සරය කරන්න එපැයි. මරනෙට මගුලට දානෙට යාලුවෝ එපැයැ.

මේ චැට් සර්විස් එක අලුත්ම දෙයක් නෙමේ. ඒත් ඒකට අලුත් කැලි දෙක තුනක් එකතු වෙලා තියනවා. අනික පාවිච්චි කරන පිරිසත් ගොඩක් වැඩිවෙලා තියනවලු. හැබැයි ආරංචියේ හැටියට ගැනු අය ගොඩක් අඩුයිලු හොයාගන්න ගුගල්+ එකේ. ලංකාවේ ඒ හේතුව හන්දා පොඩ් බාධාවක් තියනවා ගුගල්+ වලට.

(*Based on ALEXA.COM http://www.alexa.com/topsites/countries/LK)

Image Credit - kaushiksethu.wordpress.com

2 comments:

  1. //පහුගිය දවස් ටිකේ දකින්න ලැබුනා ලංකාවේ අය වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ ගුගල් නෙමේ ෆේස්බුක් කියලා*. ඒක එච්චර හොද දෙයක් නෙමේ. ලංකාවේ අය කාලේ නාස්ති කරන එක වැඩි කියලා තමා ඒක පෙන්නන්නේ නම්.//

    අනේ මන්දා මම නම් දවසකට FB යන්නේ පැය කාලයි. හැබැයි Google Account එක නම් දවසම වගේ online. බ්ලොග් එකක් කියවලා කාලේ කන එක FB වලට වඩා හොඳා. ඔළුවට මොනවා හරි වැටෙනවනේ.

    ReplyDelete
  2. වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ ගුගල් සර්විස් ඩොමේන් වයිස් තමා යාලුවා ඕක කිව්වේ අනික් 1 ‍FB 2 Google.lk 3 google.com වැඩියෙන් පාවිච්චි වෙන්නේ ගුගල් සර්විස් තමා ඒත් වැඩිම පාවිච්චි වෙන ඩොමේන් එක වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක සුලුපටු වෙනසක් නෙමේ

    ReplyDelete