November 30, 2011

IDM පාවිච්චි කරන්න දගලලා එපා වෙලාද?

IDM එක ඉතින් ගොඩක් අය පාවිච්චි කරනවානේ. හබැයි ඉතින් මේ ක්රැක් කතන්දරේ හන්දා මම නම් IDM පාවිච්චි කරන්නේ නැ. ඒත් IDM වලින් හොද වේගයක් ලැබෙනවා කියලා හිතෙනවා. ඇත්තටම දැනෙනවා වගේ වේගයක් ලැබෙනවා. අපි පොඩි කාලේ DAP කියලා එකකුත් තිබ්බා ඒක තාමත් තියනවා. ඒත් ඒ DAP එක ටිකක් බරයි. පාවිච්චි කරද්දි ස්ලෝවෙනවා. දැන් ඉතින් කොහොම හරි මම ඉන්ටනෙට් සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න පාවිච්චි කරන්නේ බ්‍රවිසර් එක විතරයි. අනික් හැම විදිහක්ම මට එපා වෙලා තියෙන්නේ.

යුටියුබ් ඩව්න්ලෝඩර් එකක්වත් ඩවින්ලෝඩ් ඇස්ලේටර් එකක්වත් මම පාවිච්චි කරන්නේ නැ. මගේ හැමතිස්සේම ඕපන් කරලා තියන වෙබ්සයිට් වලට ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා. ඒවගේම මම සර්ෆ් කරන්න පාවිච්චි කරන්නේත් ෆයර්ෆොක්ස්. හදිසි වෙලාවට සයිට් එකකට යන්න ක්රොම් පාවිච්චි කරනවා. තව එකව්න්ට් එකකින් ලොග් වෙන්න ඕනි වුනොත් පාවිච්චි කරන්නේ IE9 තමා.

ඉතින් eSoft එකේ නෙටිවර්ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන අයියා තමා මට මේ ප්ලග් ඉන් එක ගැන කිව්වේ. මම හිතුවෙත් මේක සොෆ්ට්වෙයාර් එකක් කියලා. ඒත් දවස් දෙකකට පස්සේ ඉන්ස්ටෝල් කරන්න ගියාම දැනගත්තේ මේක ප්ලග්ඉන් එකක් කියලා‍. මේකේ නම DownloadthemAll මිලියන 40ක් දෙනා පාවිච්චි කරනවා මේක. ඇත්තටම හොදයි. නොමිලේ දෙන එක තමා වැදගත්ම. ඒවගේම ඩව්න්ලෝඩ් කරද්දි ත්‍රෙඩ්ස් පහසුකමත් තියනවා.


Platform වල ප්‍රශ්නයකුත් නැ. ෆයර්ෆොක්ස් දාන්න පුලුවන් ඕනම Platform එකක මේක වැඩකරනවානේ. අනික ස්ටාටප් වෙද්දි වැඩ කරන්නේ එහෙම කරදර මොකුත් නැ. තනිකරම ෆයර්ෆොක්ස් ඇතුලෙමයි. එක පිටුවක තියන ඕක්කොම ලින්ක් ඩව්න්ලෝඩ් කරන්නත් පුලුවන් එක එක ක්ලික් කර කර ඉන්න ඕනෙත් නැ. තව‍ ගොඩක් පමසුකම් තියනවා.


දකුනු පැත්තේ පල්ලෙහා තියන කම්පුටර් දෙක උඩ ක්ලික් කරපු ගමන් ඩව්ලෝඩ් ඔක්කොම නතර වෙනවා. අපිට හදිසියේ සර්ෆ් කරන්න ඕනේ වුනොත් මේක ‍ඔබන්න විතරයි තියෙන්නේ. ආපහු ඩව්න්ලෝඩ් ඕක්කෝම ඒ පින්තුරේ ක්ලික් කලාම පටන්ගන්නවා. Firefox එකට easy YouTube downloader ප්ලග් ඉන් එක දාලා යුටියුබ් එකේ ඒවා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්නේ. ඒ ඩව්ලෝඩ් කරන ඒවා නතර වුනොම් Pause කරලා ආපහු Resume කලාම එතන ඉදලා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. කිසිම කරදරයක් නැ.

පාවිච්චි කරලා බලලා කියන්නකෝ. මටනම් හිතට ඇල්ලුවා. මේක ගැන කියපු අයියටත් මම ස්තුති කරනවා.

8 comments:

  1. මම අවුරුදු තුනක ඉදන් Down them all පාවිච්චි කරනවා.

    ReplyDelete
  2. මම ගියේ බම්බලපිටිය IDM එකට...

    ReplyDelete
  3. ඕක ගැන මාත් දැනුවත්. හැබැයි අද වෙනකම් ඕක පාවිච්චි කරලා නම් නැහැ. ඇත්තටම මේ තරම් විස්තරයක් දැනගෙන හිටියෙත් නැහැ. දැනුවත් කළාට තෑන්ක්ස්. කොහොමවුණත් idm crack එකේ නම් කියන තරම් අවුලක් නැහැ. මාත් කාලෙක ඉඳන් පාවිච්චි කරන්නේ ඒකයි.

    ReplyDelete
  4. machan meeka crome ekka use karanna bari da?

    ReplyDelete
  5. මේක ක්රෝම් වලට වැඩ නැ.

    @උදාර මම හරි අකමැති යාලුවා ක්රැක් වැඩ වලට ස්තුතියි


    @ඔබ එහෙනම් ඩව්න්ලෝඩ් දෙම් ඹ්ල් දාගන්න දැන් හික්ස්

    ReplyDelete
  6. ඉස්සර ක්රෝම් වලට මේක සපෝට් කරලා තියනවා. එත් ඒක දැන් නතර කරලා තියෙන්නේ

    ReplyDelete
  7. mata kiyanna puluwanda idm dawas 30 twadiya pavichchi karana hati

    ReplyDelete
  8. මම නං අලුත්ම ක්‍රමය දන්නේ නැ යාලුවා. මම පාවිච්චි කරන්නේ ඩව්න්ලෝඩ් දෙම් ඕල් තමා

    ReplyDelete