November 28, 2011

Office Starter තව දුරටත්

ඔ‍ෆිස් ස්ටාටර් ගැන බ්ලොග් පෝස්ට් එකක්දැම්මට මම ඉන්ස්ටෝල් කරලා හරියට බැලුවේ නැ. මම ඉතින් දැන් තමා දාලා බැලුවේ. මේකට PowerPoint වත් Outlook වත් ‍මේ ස්ටාටර් එකට අඩංගු නෑ. ඒව‍ගේම යි ‍නොමි‍ලේ ‍දෙන හැම එකකම ‍මොකක්හරි ‍එයාල‍ගේ ප්‍රයෝජනය ‍වෙනුවෙන් උපාංගයක් දානව‍නේ. ඒවගේ මේ ස්ටාටර් එක්ක ඇඩ්වටිස්මන්ට් අපට ලැබෙනවා. ඇඩ්වලින් කරද‍රේනම් කරන්න තියෙන්‍‍නේ Office සල්ලි දිලා ගන්න එක. ඇත්තටම තියන පහසුකම් සීමා සහිතවුනත් සමහර වැඩ වලට ප්‍රමාණවත්. ‍බොහොම ‍සරල ‍ගෙදර ‍දො‍රේ වැඩ වලට තමා මේක ‍නොමිලේ දෙන්නේ. ඒවගේමයි  Portable Edition එකක් හදාගන්නත් අපිට මේක ඉඩ ‍දෙනවා.



කියවලා බලපු විදිහෙන් ‍තේරුනේ ඉතාම අමාරුවෙන් මයික්‍රොසොෆ්ට් එකෙන් මේක නිකං දෙන්න අරන් වගේ. හරියට නිකං නොදි ඉන්න බැරුවට දිලා වගේ. ‍මේක පරණ පරිඝනක වලට ඉන්ස්ටෝල් කරන්න ‍දෙන්නේ නැති කතාවක් තියනවා. අලුතින් එක කම්පුටර් වලට විතරයි කියලා. කොහොම හරි මම නම් දාලා බැලුවා. ටිකක් ස්ලෝ මගේ කම්පු‍ටර් එකෙනම්. කොහොමත් ස්පීඩ්ද ස්ලෝද කියන්න හරියටම විදිහක් නැ මට මේ මැෂින් එකෙන්.

ටිකක් ඉවසීමේන් ‍පාවිච්චි කරන්න වෙනවා මම හිතන විදිහට ස්ටාටර්.

No comments:

Post a Comment