November 24, 2011

Windows 8 Cloud වලට ප්‍රමුඛ තැන

මයික්‍රෝසොෆ්ට් එකෙන් ස්කයිඩ්‍රයිව් දිලා තියෙන්නේ 2007. මට අව්රුද්ද මතක නැ. මම බ්ලොග් එකක තමා දැක්කේ. ඉතින් ඇත්තටම මේ දිලා තියන ක්ල‍ව්ඩ් සර්විස් එක්ක බලද්දි ලොකුම ඉඩක් දිලා තියෙන්නේ SkyDrive එක තමා. ඒකේ නමත් Cloud වලට ලගින් යනවා. ගුගල් ඩොක්ස් වලට දෙන්නේ 1GB අනික් හැම නොමිලේ දෙන ක්ලවිඩ් සර්විස් එකකම වගේ 25GB වලට අඩුවෙන් දෙන්නේ. ඉතින් මයික්‍රොසොෆ්ට්ලා තමා වැඩි පුරම ඉඩක් දෙන‍්නේ.

ඉතින් මේ ලගදි මයික්රෝසොෆ්ට් ලයිව් බ්ලොග් එකේ දාලා තිබුනා මයික්‍රෝසොෆ්‍ට් එක ක්ලව්ඩ් සර්විස් බිලියන ගනනකට ලබා දෙන්න යනවා කියලා. ඉතින් මේ අතරේ දාලා තිබුනා Windows 8 වැඩි සහයක් පෙන්නුම් කරනවලු SkyDrive එකට.


ඉතාම හොදින් Windows 8 එක්ක ස්කයිඩ්‍රයිව් වැඩ කරනවා. Photos වල වෙනම SkyDrive එක පෙන්වනවා. ඒවගේම පොටෝ ඊමේල් කරද්දි SkyDrive එකය අප්ලොඩ් වෙලා තමයි ඊමේල් වෙන්නෙත්. ඇටැජ්මන්ට් විදිහට නෙමේ. ලයිව් රයිටර් වල පින්තුර ඇල්බම් එකක් දැම්මොත් ඒකත් ඕටෝ අප්ලෝඩ් වෙනවා ලයිව් ස්කයිඩ්‍රයිව් එකට. ස්කයි ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්න ටිකක අමාරු වුනත්. ඩව්න්ලෝඩ් කරන්න දෙන වේගය හොදයි. කොහොම වුනත් දැනට ක්ලව්ඩ් පාව්ච්චි කරන අය නම් අඩුයි වගේ තමා පේන්නේ. ඒත් ඉස්සරහට ගොඩක් වැඩිවෙයි.

දැනටත් Live Mesh කියලා වැඩසහටනක් ලයිව්ලා දෙනවා. ඒකෙන් Sync වෙන්න දෙන ඉඩකඩ නම් සීමා වෙලා තියනවා 5GB වලට ඒත් ස්කයිඩ්‍රයිව් එකට දාන්න පුලුවන් ප්‍රමාණය 25GBම තමා තාම.

No comments:

Post a Comment