November 24, 2011

Windows Phone 7 වල තියන Siri වගේ පහසුකම

ඇපල්  එකෙන් iPhone 4S එක එලියට දාලා දැන් ටික දවසක්නේ. මම මුලින්ම කියන්න ඕනේ මම ‍මේවා ගැන ලිව්වට ඇපල් අයිපෝන් 4එස් එකක් අල්ලලාවත් නැ. මම පාවිච්චි කරලා තියන ඇපල් ප්‍රඩක්ට්ස් ගාන අතේ ඇගිලි වලට වඩා පොඩ්ඩයි වැඩි. මම ඉතින් ටිකක් වින්ඩෝස් මොබයිල් නම් පාවිච්චි කරලා තියනවා. ඒ මදිවට Emulator එකත් යුස් කරලා තියනවා. ඉතින් ඒක හන්දා වින්ඩෝස් මොබයිල්නම්  පුරුදුයි ටිකක්. ඒත් වින්ඩෝස් පෝන් 7 පාවිච්චි කරලා නැ.






ඉතින් මට බ්ලොග් කියවන කොට දැක්කා මේ ෆීචර් එක. ඇපල් අයිපෝන් එකේ සිරි ෆීචර් එකට වඩා බුද්ධියෙන් මේක ටිකක් අඩුයි කියලා මට දැනුනා. අයිෆෝන් එකේ තියන සිරි එකට වාක්‍යක් කිව්වාම තේරුම් ගන්න පුලුවන් කියලා මම දැකලා තියනවා. වාක්‍යක් තේරුම් ගැනිමේ හැකියාව ඒකට තියනවානේ. ඒවුනාට වින්ඩෝස් ෆෝන් වලට පුලුවන් කමාන්ඩ් පිලිපදින්න විතරයි. දන්නේ නැති දෙයක් තියනවානම් සර්ච් කරන එක තමා කරන්නේ. අනික අයිපෝන් එකේ කන්වසේෂන් ගතියත් වැඩි කියලා මට හිතෙනවා

No comments:

Post a Comment