December 07, 2011

සදුදා කුරුණෑගල

සදුදා දවසේ මගේ ජිවිතේ වෙනස්ම දවසක් වුනා. මම හිතපු නැති දන්නේ නැති හිතිලා නැති ගොඩක් දේවල් මට මගේ ඇස් දෙකෙන්ම දැකගන්න ලැබුනා. ඇත්තටම මිනිස්සු ජිවිත නැති කරගන්න හදනවා. අනුන්ගෙ ජිවිත නැති කරන්න හදනවා. මේ මොනවා කරනවා දැකලා තිබුනත් මම ජිවත් වෙන්න තියන අමාරුව හොද හැටි දැන‍ගත්තේ සදුදා.

මම ඇත්තටම දැනගෙන තිබුනා කලින් මිනිස්සු ජිවත් වෙන්න ගොඩක් දුක් විදිනවා කියලා, ඒත් මෙච්චරට දුක් විදිනවා කියලා දැනන් හිටියේ නැ. අරමුණක් නැති වුනාම ජිවිතේ කොච්චර අසරණ‍ වෙනවද කියලා මම දැනගත්තේ එදා.

මම මේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ පත්තරයක පලවුන ලිපියක් මනුස්සයෙකුගෙ දුකක් තිබුනා. ඒ මනුස්සයා හොයාගෙන ගිය කතාවක්.

මගේ තාත්තගේ යාලුවෙක් එක්ක කුරුණෑගල යන්න මම පිටත් වුනා සදුදා. ඉතින් ‍මම නිකං පිටත් වුනේ තාත්තගේ යාලුවට වැඩට ගන්න කෙනෙක් පත්තරේ දැකලා එක්කං එන්න යනවා කියලා. ඉතිං මමත් වැඩිය හිතුවේ නැ.

ඒත් යන අතරේ දැන ගත්තේ ඒ ‍එක්කං එන්න යනකෙනා විදින දුක. ඇත්තටම අවුරුදු 2ක පොඩි ලමයෙක් ඉන්න තාත්තා කෙනෙක් ලමයගේ අම්මානම් නැ. අපි ඒ ගැන කතා නොකර ඉමු. ඉතිං මේ ලමයට මේ ලමයගේ තාත්තා ගොඩක් ආදරෙයි. හැබැයි ඉතිං සමහරක් ප්‍රශ්ණ හන්දා මේ කෙනාට ඉන්න තැනක් නැ. පත්තරේ දාලා තිබ්බේ දවල් කාලයේ ලමයා ඩේ කෙයා එකකට දාලා හවස්කාලයේ ලමයා එක්ක ප්‍රජා ශාලාවක රාත්‍රියම ගත කරනවා කියලා.

අපිට ඒ පුද්ගලයා හම්බුනේ බොහොම වෙලාවක් හෙව්වට පස්සේ. මොකද හරි හමන් ඇඩ්රස් එකක් වත් ඉන්න තැනක් වත් සදහන් කරලා තිබ්බේ නැ. හිතේ සැකේට තමා හෙව්වේ. කොහොම ඒ මනුස්සයට උදව් කරන්න හිතුනද මන්දා. බොහොම අමාරුවෙන් ඒ කෙනාව අපි බොහොම සැප පහසුකම් අඩු කාමරයක් අරන් නතර ‍වෙලා ඉන්නවා හම්බුනා. ඉතින් අපි ඒයත් එක්ක කතා කලා.

ඒයාගේ ආත්ම විශ්වාසය පුදුමාකාර ශක්තියක් එක්ක එකතුවෙලා තියෙන්නේ කියලා මට හිතුනා. අපි එයාව හොයාගෙන යනකොට එයාව දැකපු ගැනු කෙනෙක් අපිට කිව්වා ලමයා ගහක් මුලින් තියලා වෙන ගහක පොල් කඩනවා දැක්කයි කියලා. ඇත්තටම ඒ මනුස්සයා ලමයත් එක්ක ජිවත් වෙන්න දෙන සටන සැබැවින්ම සටනකි.

එයත් එක්ක කතා කරද්දි අපිට තේරුනේ ප්‍රශ්න හන්දම එයා ‍බොහොම සැහැල්ලුවෙන් ජිවත් වෙන විදිහක්. ඒක එයාට හයියක්. පත්තරට දාලා තිබුනේ රස්සාවක් හොයලා දෙන්න කියලා. ඉතින් තාත්තගේ යාලුවා එයාට ඉන්න තැනකුයි රස්සාවකුයි දෙන්නම් කිව්වා. ඒ අතරේ ලමයගේ අධ්‍යාපන වියදම් තාත්තගේ යාලුවාත් තාත්තත් දෙන්නම් කියලා කිව්වා. මේ ලමයා කිහිප දෙනෙක්ම හදාගන්න ඉල්ලුවත් මේ තාත්තා ලමයාව නොදි හදාගන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් සෙනෙහසකින්.

දැන් කාලේ ඉන්න සමහර අමනුෂ්‍යන්ගේ වැඩ හැටියට මේ පුද්ගලයා අදහන්න වටින කෙනෙක්.

4 comments:

  1. අනිවා මචො..දැන් තියෙන සමාජ වාතාවර්ණය අනුව කරල තියෙන්නේ....ඉතා අගනා වැඩක්..

    ReplyDelete
  2. කියලා වැඩක් නැ මචං පට්ට දුක හිතුනා මනුස්සයා දැක්කාම

    ReplyDelete
  3. පට්ට සීන් එකනේ..

    ReplyDelete
  4. දෙවි පියෙක් !!! ඇත්තටම අහලක හිටිය නම් මල් තියලා වඳිනවා... ඒ තරම් ග්‍රේට් !!!

    ReplyDelete