December 20, 2011

මේ දේවල් ගැන මම හිතුවේ නැනේ

කාලිංග අයියා ටෙක් කතා ග්‍රෑප් එකේ දාලා තිබුන ලින්ක් එකක් දිගේ අද මම ගියා. මම ම‍ගේ ලැප් එක කැඩුන එක ගැන ලිව්වනේ මීට කලින් ඉතින් මම ලැප් එක ගැනම තමා හිත හිතා හිටියේ. ඉතින් මේ අස්සේ මේ සමුහයේ යාලුවෙක් ලැප්ටොප් එකක් ගන්න තැනක් අහලා තිබුනා. ඉතින් ඒකට කාලිංග අයියා දීපු ලින්ක් එක තමා මම ඔය දාලා තියෙන්නේ. ‍ඒ ලිපිය සම්පුර්ණයි ආපහු එකතු වෙන්න කිසිම දෙයක් නැ. ඉතින් මම ඒකට දෙයක් එකතු කරන්න එහෙම නෙවෙයි මේ හදන්නේ. ඒක වැඩි දියුනු කරන්නත් නෙමේයි.



I'm a boy who loves a laptop. ඒවුනාට ඉතින් මම මේයාව ගන්න කලින් කිසිම දෙයක් හොයලා බැලුවේ නැ. අපේ අයියා ලැප් ටොප් එක ගත්ත කඩේ තමා Asian Computers එක. ඉතින් මම අයි‍යාගෙන් ඇහුවා කොහෙන්ද ගත්තේ කියලා. ඊට කලින් ඉතින් ලැප්ටොප් වල ගනන් හැමදාම ඇහුවට මම කිසිම එකක් ගැන හරියට හෙව්වේ නැ. මම ඉතින් ගිහින් ලැප්ටොප් තියන ඒවා බැලුවා. මොන ලැප්එක බලලා ගියත් ගන්න නැත්නම් වැඩක් නැනේ. ඊසිපේ තියන හන්දා මම ගියේ එතනටමයි. වාසනාවට මට හොද ලැප් එකක් අහුවෙලා තියෙන්නේ. Compaq Presario CQ45 එකකට තමා මගේ හිත ගියේ. ගානත් ෂේප්. වැඩ කැලිත් ෂේප්. මම මට වැඩකට නැති එකක්වත් මේ ලැප්ටොප් එකේ නැ. මම තියන හැම ෆීචර් එකක් ම පාවිච්චි කරනවා. අනික මගේ පාවිච්චිය ගොඩක් වැඩි. බැටරිය තමා ගොඩක් වෙලා තියෙන්නේ නැත්තේ. ඒත් බැටරියත් නරකම නැ.


මට දුන්න මුල්ම ලෙඩේ තමා මම ලියලා තියෙන්නේ. කොහොම වුනත් මේ ලිපියෙන් ඉගෙන ගත්ත දේවල් මට ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා. ඇත්තටම ලැප්ටොප් එක ගත්තේ ඔහේ ගිහින් මෝඩයෙක් වගේනේ මම. හික්ස් , මෝඩයා තමා වගේ නෙමේ.

No comments:

Post a Comment