December 22, 2011

පරණ දේවල් ගැන ආයිත්

අද පුරාවිද්‍යා පන්තියක ඉන්නවා වගේ තමයි මගේ මොලේ වැඩ කරන්නේ උදේ ඉදලා. අද මට මතක් වුනා වෙබ්ෂොට්ස් ගැන ඉතින් මම ලිව්වා. ඒවගේම අද මට ප්ලොපි ඩිස්කට් එකකුත් හමුබුනා මට මතකයි අපි‍ පොඩි කාලේ මාර අමාරුවෙන් තමා ප්ලොපි එක්ක සෙල්ලම් දාන්නේ. පොඩ් ඩැත්තං ෆෝමැට් කරන්න අහන්නේ. ඒකාලේ සිඩිරයිටරක් මම දන්න තැනකවත් තිබුනේ නැ. සිඩි රයිටර් ගන්න ආව අලුතම අපි එකක ගත්තා. හම්මේ ලස්සනට සුදු පාටට තියන සැම්සුන් 52x එකක් තමයි ගත්තේ 54x එකකුත් පස්සේ ආවා ඒවායින් බොහොම ටිකයි වෙන්න ඇති ආවේ මම දැකලා තියෙන්නේ 54x එකම එකක් විතරයි.


ම‍ට මේක හම්බුනේ බාප්පලාගේ දිහා තිබිලා. හැබැයි අලුතෙන් ටොයිස් වගේ තියනවා. ආසාවේ බැ. ඉතින් මට අද ඉන්ටනෙට් එකේ විකිපිඩියා පැත්තේ යනකොට හම්බුනා ඉස්සර Datasette පාවිච්චි කරලා තියනවා දත්ත සේවි කරන්න මේවා කැසට් පටි වගේමයි. මම Commodore 64 එක ගැන හොය හොයා ඉද්දි මට හම්බුනා Commodore Datasette ගැන. ඉතින් ඒවායේ ඩේටා ටිකක් අමිහිරියි. කැමති නම් අහන්න. කැසට් පටි වගේමයි මේවායේ පෙනුම.


මමත් අහලා තියනවා මේවා බැක්අප් විදිහට පාවිච්චි කලා කියලා. මේවාත් ලංකාවේ තිබුනලු. මම නම් දැකලා නෑ. ඒත් අහලා තිබුනා. ඒවගේම මට මතක් වුනා පේස්බුක් එකේ මේ පොටෝ එක.



මේ දෙකෙන් කරන්න පුලුවන් දේ දන්නවද අහන එකත් එක්ක මට තවත් මේ දේවල්ම මතක් වෙන්න ගත්තා. ඉතින් ‍ඒවගේමයි අපි ඉස්සර පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එකක්. මට නම් ඒකාලේ ඉදලමයි පෙනනන්න බැරි මේ සොෆ්ට්වෙයා එක. ඒ තමා ACDSee. අපෝ මේකටත් කම්පුටරය ස්ලෝ වෙනවා. ඒවගේමයි හරි කරදරේ පොටෝ බලන එක එපා කරවනවා මේ සොෆ්ට්වෙයා එක. මම එක්ස්පි වලට ආපු දවසේ ඉදලා Windows Picture and Fax Viewer එක තමා පාවිච්චි කලේ. මට ඔය පොටෝ මැනේජ්මන්ට් කෙහෙම්මල් පෙන්නන්න බෑ. සතියක් විතර Picasa පාවිච්චි කරන්න ඇති ඒකත් මලජරාවක් බොරු කියන්න ඕනේ නැ.


ඉතින් ඒ කාලේ මම ආසම සොෆ්ට්වෙයාර් එක VB6.0 අම්මේ දැනටත් දැක්කාම ආසාවේ බෑ. මට ඉස්සර් ජාවා පොඩ්ඩක්වත් බෑ. මේලෝ දෙයක් තේරෙන්නේ නැ. ඇයි අර Object Oriented(OO) හින්දා තේරෙන්නේම නැ. මොකද VB වගේ නෙමෙනේ. ඉතින් පස්සේ OO තේරුනාව ඔක්කොම හරිගියා. ඒවගේමයි මම .Net Framework 1.1 උඩ දුවන් Microsoft Visual Studio 2003 මුලින්ම ඉන්ස්ටෝල් කරපු දවස මට අද වගේ මතකයි.

7 comments:

  1. මමත් ඉස්සර ඕව භාවිතා කළා... මට මතක විදියට ඒදවස්වල ෆ්ලොපි ඩිස්කට් එකක් රුපියල් 15ක් විතර ඇති. වද දෙන‍ ‍එකේ සීමක් නැහැ. එක වෙලාවකට හිර වෙනව, තව වෙලාවක ෆෝමැට් කරන්න කියනව, පුස් බැදෙනව.....එකම විකාරයයි..ඒදවස්වල මම ආසම වර්ගය imation. දැනටත් මගේ ලග කීපයක් තියෙනව මම ඒව කීප සැරයක්ම භාවිතා කලා සූර්යක් ග්‍රහණ බලන්න. ඒකටනම් නියමෙටම ගැලපෙනව :D

    ReplyDelete
  2. සූර්යක් ග්‍රහණ බලන්න හික්ස් !!!!

    මට මතකයි උඹේ ඔය සීඩී ඩ්‍රයිව් එක ....ඒකට නොදුන්නු වදයක් නෑනේ

    ReplyDelete
  3. අපි ගන්න කාලේ 60ක් මල්ලි ගාන කොහොමද හික්ස්

    ReplyDelete
  4. තාමත් ඒක වැඩනේ බන් හික්ස්

    ReplyDelete
  5. ACDSee මටත් පේන්න බෑ ඉස්සර. ඒකෙන් පොටෝ එකක් බලනවට වඩා හොදයි නිකම් ඉන්න එක. මට එකක් අහුවුනා Irfan view කියල. මම තාමත් භාවිතා කරන්නෙ ඒක. Windows 98 දාගෙන හිටපු කාලෙ ඉඳලම.

    ReplyDelete
  6. Irfan එක මමත් පාවිච්චි කරලා තියනවා ඒකනම් SImple faster යාලුවා.

    ReplyDelete
  7. හි හි මම ගාව අගල් 5.25 ඩිස්ක් ගොඩකුත් තියෙනවා,වින්ඩෝස් ඉන්ස්ටෝලේෂන් ඒවා වගේකුත් තිබ්බා.මම මුලින්ම සිඩි රොම් එකක් ගත්තේ 1998 දී.LG 24x එකක්.වැඩසටහන් ලීවේ මුලින්ම BASIC වලින්.මම ඒකාලේ 4 පන්තියේ හිටියේ,ඒකාලේ මාර මැජික් අපිට මේවා.ඒත් ඒකාලේ තිබ්බ දේවල් වල හැටියට අපි ගත්ත ප්‍රයෝජන,ඉගෙන ගත්ත දේවල් බොහොමයි.දැන් කාලේ ගොඩක් අය පරිගණක කියන්නේ ෆේස්බුක් යන ඒක කියලනේ හිතන්නේ.

    ReplyDelete