December 15, 2011

Blog ඉස්සරට වඩා හොදයි

කාලයක් බ්ලොග් තිබුනා කියවන්නවත් බැරිව. මම ඒ ගැන ලිපියක් ලිව්වාම ටිකක් හොද ප්‍රතිචාර නෙමේ ලැබුනේ. ඉතින් කට්ටිය ජාවාස්ක්‍රිප්ට් දාලා මව්ස් එක වටේ යන අකුරුයි, එක එක ජාතියේ විකාරයි බ්ලොග් වලට එකතු කරලා තිබුනා. සමහර අය බැක්ග්‍රව්න්ඩ් සින්දු දාලා තිබුනා. රේඩියෝ දාලා තිබුනා. මේ මොනවත් දාන්න එපා කියලා නිතියක් නැ. ඇත්තටම මම මේක ලියන්නේ මගේ පෞද්ගලික මතයේ ඉදලා. මම රේඩියෝ දාපු ජාවා ස්ක්‍රිප්ට් දාපු අයට බනිනවා නෙමේ. ඒත් මගේ අදහස මම නිර්ව්‍යාජව ඉදිරිපත් කරනවා. මෙතෙන්දි කව්රුත් මගේ මතය පිලිපදින්න ඕනේ කියන්නෙත් නැ. අපි දන්නවා මොන බ්‍රව්සරයක් වුනත් ස්ක්‍රප්ට් වැඩි වුනොත් හිරවෙනවා. ඒවෙලාවට ස්ක්‍රප්ට් නතර කරන්න අහනවා. සමහර රත්තරං වටින බ්ලොග් වලත් මේ ප්‍රශ්නය තිබුනා.


මේකට විසදුමක් තියනවා. ඒ ජාවා ස්ක්‍රිප්ට් ‍බ්ලොක් කරන ප්ලග්ඉන් එකක් දාගන්න ඒක. ඒත් තමුන්ගේ බ්ලොග් එකට එන්න කව්රුහරි අමතර මහන්සියක් ගන්න තියන්න හොද නැ. ( මම හිතන විදිහට ) ඇත්තටම සමහර ගොඩක් වටින විජට් තියෙද්දි තේරුමක් නැති බ්ලොග් එක ලෝඩ් වෙන වෙලාව වැඩිවෙන බ්ලොග් එකේ ඉඩ අහුරන ඒක එක කැලි තියාගෙන වැඩක් නැනේ. දැන්නම් ඒ අතින් ඒ තරගය නැති වෙලා තියෙන්නේ. මම ඒ මවුස් එක පස්සේ යන අකුරු සැට් එකට ආසම නැ.

මම මේවා කිව්වට මෙවා දාලා තියන යාලුවො ඉන්නවනම් මාත් එක්ක තරහවෙන්න එපා. මම ආස මම හිතන විදිහ මම කිව්වේ. තරහවෙන්න එපා යාලුවනේ. මම මේවා වෙනස් කරන්න කියන්නෙත් නැ.

No comments:

Post a Comment