December 07, 2011

Blogger Interface සම්පුර්ණයෙන්ම අප්ඩේට් නොවිනි

ගුගල් එකෙන් අලුතින් ඉන්ටෆේස් දෙනවා කිව්වට බ්ලොගර් ඉන්ටෆේස් එක තාම අප්ඩේට් වෙලා සම්පුර්ණයෙන් අහවර නැතිය. මොනවා වුනත් මේ දැනට ලැබිලා තියන අප්ඩේට් එක හොදයි. මොකද ගොඩක් ඇජැක්ස් පාවිච්චි කරලා තියනවා. හැබැයි මේ අපේ Profile පෙන්නන තැනයි. ලේයව්ට් එකෙතියෙන විජෙට්ස් කස්ටමයිස් කරන තැනයි ආදි වශයෙන් ස්ථාන කිහිපයක් තාම අප්ඩේට් වෙලා නැ. මම ආසම නෑ තිබුන පරණ ඉන්ටෆේස් එකට. ඒවගේම මේ ප්‍රොෆයිල් එක පෙන්නන පෙනුමට එකේ වර්ණ සංකලන වලටත් මම ආසා නැ. ඉතින් කොහොම වුනත් ලගදිම ගුගල් ‍එකෙන් මේටික වහලා දායි කියලා තමා හිතන්නේ නම්.


ඒවගේම මේ පරණ ඉන්ටෆේස් එකෙන් හදන්න පුලුවන් අලුත් ඉන්ටෆේස් එකේ වෙනස් කරන්න බැරි සෙටිංස් ව‍ගයකුත් තියනවා. ඒටිකත් ඩිෆෝල්ට් එකට ස්වයංක්‍රීයව ගේන්න වෙනවා පරණ ලුක් එක අයින් කරනවානම්. නැත්තම් ආපහු කවදාවත් අලුත් විදිහට බ්ලොග් එක කරගෙන යන්න බැරි වෙනවානේ.


4 comments:

  1. Blogger akn Rss Feed akth hama Blog Valma Navthana yanvalu. aka nisa eyalga sever valta loku vadyak kiylla site dakka man. ahama unot syndi valta Blog add karlth ewari

    iplus

    ReplyDelete
  2. ehema karala blogger karala wadakut na mama hitanne na ehema karai kiyala

    ReplyDelete
  3. අලුතින් ඉන්ටෆේස් එකට මාත් කැමතියි.මොකද, ඒක සරලයි.

    ReplyDelete
  4. ඇත්තටම ඒක හොදයි තමා බොහොම පිලිවෙලයි. ඉස්සර එක ටිකක් පටලවන සුලුයි

    ReplyDelete