December 22, 2011

ඇයි අපි FireFox රැක ගත යුත්තේ?

Firefox කියන්නේ සොෆ්ට්වෙයා එකකට වඩා එහාට ගිය දෙයක්. ලෝකේ ලොකුම වෙනසක් කරපු දෙයක්. මම මේ පෝස්ට් එක ලියන්නේ Firefox වෙනුවෙන්. මම Firefox Develop කරන්න උදව් කරන කෙනෙක් නෙමේ Directly. ඒත් මම අහුවෙන හැම බග් එකක්ම යවනවා. මට පුලුවන් විදිහට මම Firefox ප්‍රචාරය කරනවා. ඇත්තටම මම පොඩි කාලේ ඉන්ටනෙට් යන්න තිබුන බ්‍රව්සර් වුනේ FireFox, IE, Netscape Navigator 3 තමයි ප්‍රධාන වශයෙන්. ඒත් එකකොට තිබුන Opera එකත් නරක නැ. ඒහෙම වුනාට ඉන්ටනෙට් එක තුල තිබුනු බ්‍රව්සර් වල ආධිපත්‍ය නැති කලේ Firefox. කාටහරි කියන්න පුලුවන් ඒහෙමයි කියලා අපි ඕක පාවිච්චි කරන්න ‍ඕනෙද හොද නැත්නම් කියලා.


[youtube=http://www.youtube.com/watch?feature=player_embedded&v=kmk43_2dtn0#!]


ඉන්ටනෙට් කියන එක කාගෙවත් බුදලයක් නෙමේ. ඒවගේම ඒක අපි හැමෝගෙම. ඒකේ බලය ඇත්තටම ලැබෙන්න ඕනේ අපි හැමෝටම. ඇත්තටම Browser එක කියන්නේ ඉන්ටනෙට් එකට යන තැන වගේ. කොහොම වුනත් ක්රෝම් පාවිච්චි කරන එකෙන් අපෙන් ගුගල් එක රැස් කරගන්න තොරතුරු ප්‍රමාණය වැඩි වෙනවා. ඒක එච්චර හොද දෙයක්‍ නෙමේ. වානිජ ආයතනයන් අතේ ඉන්ටනෙට් එකේ ඒකාධිකාරිත්වය තියෙන්න හොද නැ.


Firefox එකට ලැබෙන ලොකුම අරමුදල ලැබෙන්නෙත් ගුගල් එකෙන්. මම කාටවත් ෆයර්ෆොක්ස් වලට එන්න කියලා බල කරන්නේ නැ. එහෙම කරන්න මට ඇති අයිතියකුත් නැ. ඒත් ෆයර්ෆොක්ස් වලට ආදරය කරන අය Firefox වල අනාගතය උදෙසා වැඩ කරන්න ඕනේ කාලයක් ඇවිත් තියෙන්නේ. ෆයර්ෆොක්ස් පුලුවන් තරම් ප්‍රචාරය කරන්න ඕනේ. මම දන්නවා මේකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් මට හිතෙනවා FF මීට වඩා පිරිසක් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒවගේම පාවිච්චි කරන පිරිස අඩු නොවෙන්න ඕනේ කියලා.


ලොකු බ්ලොග් වලට ඉංග්‍රිසියෙන් ලියන කෙනෙකුත් කියලා තිබුනා Firefox කි‍යන්නේ ක්ලව්ඩ් වලට හතුරෙක් කියලා. ඇත්තටම ඒක හරි කතාවක් නෙමේ. Firefox කියන්නේ ඉන්ටනෙට් වඩාත් විවෘත තැනක් කරන්න හදන උත්සහයක්‍. පුලුවන් අය Firefox පාවිච්චි කරලා හරි සපෝට් එකක් දෙන්න. ක්රෝම් වලට වඩා අඩුවෙන් සමහර වෙලාවට මේකේ මෙමරි යුසේජ් එක අඩු‍ වෙනවා. Firefox 9 දාගන්න දැන් තියෙන වර්ෂන් එකත් එක්ක ගැටලු තියනවනම්‍‍.


අනික Chrome ඩිවලොප් කරන්න Proprietary DLLත් පාව්ච්චි කරනවා. Foxit කි‍යන්නේ PDF වලට තියෙන ක්ලාස් ලයිබ්‍රි එකක්. ඒක තමා ක්රෝම් පාවිච්චි කරන්නේ PDF පෙන්නන්න.


ඒත් ෆයර්ෆොක්ස්ලා ඒකට විසදුමක් ගෙනාවා ඔපන්සෝස් විසදුමක්ම PDF.js කියන්නේ ඒක. ඇත්තටම බැලුවොත් ක්රෝම් වලට අවශ්‍ය වෙලදපල ජයගන්න මිස හොද ඕපන්සෝස් බ්‍රව්සරයක් වෙන්න නෙමේ.

22 comments:

  1. ඔන්න 9.01 ත් ඇවිල්ල :D

    ReplyDelete
  2. දාගත්තා විතරයි මල්ලි

    ReplyDelete
  3. ඇත්තටම කීවොත් Chrome FF දැනට මත් පරාද කරලා ඉවරයි, මේ මාසේ මුල නිකුත් උන ප්‍රතිපල අනුව Chrome දෙවෙනි වෙන්නේ IE වලට විතරයි. Chrome කියන්නේ තවත් එක බ්‍රොව්සර් එකක් නෙවේ, එක Platform එකක්.

    Tweet Deck වගේ Windows වල වැඩකරන් software එවා වැඩකරන්නේ chrome වල විතර්යි, අනික් එක තමා එක පරිගණකයක ඉදලා තවත් පරිඝණකයක් පාලනය කරන්ඩ, එහෙම්ත් නැත්නම් remote desktop connecting හැකියාව chrome ලබාගෙන ඉවරයි. chrome wage හොද browser එකක් තියෙනකොට FF වගේ එකක් බේර ගන්ඩ ඔනි නිසා පාවිච්චි කරන්ඩ ඕනි කියන එක ඇත්තටම හොද දෙයක් නෙවේ, කවදා හරි FF Chrome වලට වඩා හොද උන දවසට එක පාවිච්චි කරන්නම්, හැබැයි එහෙම දවසක් එයිද කියන එක නම් සැකයි

    chrome පරිගණක පද්ධතියක් තරමට දැන් දියුනුයි කියන එක අමතක කරන්ඩ එපා. ඒ කියන්නේ අපි chrome වලින් film බලන songs අහන කාලය වැඩි ඈතක නෙවේ

    ReplyDelete
  4. ඒක තමා අන්තිමට වෙන්නේ ක්රෝම් වලින් තොරව ඉන්ටනෙට් එකක් නැති වෙන එකයි වෙන්නේ. මම ක්රෝම් නරකයි කියනවා නෙමේ. ඒත් ඒකටත් monopoly එකක් හදාගන්න දෙන්න හොද නෑ. ඔයා කියන දේ හරි මම පිලිගන්නවා.

    ReplyDelete
  5. Google System Blog
    An unofficial blog that watches Google's attempts to move your operating system online.
    Send your tips to gostips@gmail.com.
    මේ තියෙන්නේ ගුගල් ගැන unofficial blog එකකින් ගත්ත කෑල්ලක් Finally google will be able to control you. eheheh

    ReplyDelete
  6. මම නම් කැමතිම ඔපෙරා.

    ReplyDelete
  7. opera තමා මම මුලින්ම මගේම මැෂින් එකක ඉන්ටනෙට් යන්න පාවිච්චි කරපු බ්‍රව්සර් එක

    ReplyDelete
  8. ඔහොම එක සමාගමක් වෙබ් බ්‍රව්සර් ලෝකට තමන්ගේ අතට ගත්තහම එයාලා හිතන්න පටන්ගන්නවා අපි නැත්නම් මිනිස්සු නෙට් ගිහින් ඉවරයි කියලා. ඒ නිසා එහෙම වෙන්න දෙන්න හොද නෑ. කොහොමත් අපි නම් firefox පාවිච්චි කරන්නේ ඒක ගොඩදාන්න නෙවෙයි. මට ඔය chrome කියන එක මල ජරාවක් වගේ පේන නිසා. මගේ අදහස නම් කාටවත් කියන්න බෑ කෝකද හොද කියලා. ඒක තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනාගේ ගති පැවතුම් අනුව. කොහොමත් chrome පරිගණක පද්ධතියක් තරම් දියුණුයි කියලා මම පිලිගන්නේ නැහැ. මොකද එහෙනම් අපිට Windows, Linux ඕනෙත් නෑ. පරිගණකයට 500GB 1TB Hard disk ඕනෙත් නෑ.

    ReplyDelete
  9. හොඳ හොඳ සංවාද....දැනට පුංච් පුංච් අදහස් දැක්වීම්....හෙට අනිද්ද පුංච් පුංච් මත ගැටම්..... හ්ම්ම්ම්....නියමයි ඇත්තටම බ්ලොග් එකකින් වෙන්න ඕනෙත් ඒකමයි...ඉදිරියට මේ තත්වය තවත් වැඩි‍දියුනු වේවායි පතමි. :D

    ReplyDelete
  10. මටනම් chrome ඉදිරියට එන එක ගැන ගැටලුවක් නැහැ නමුත් chrome වලට හුගක් යන්නෙ FireFox පාවිච්චි ක‍රන අය වීමයි කනගාටුව. IE වල ප‍රණ version පාවිච්චික‍්රන අය ඉක්මනින් chrome වලට මාරුවෙනවනම් හොදයි අඩුම ත‍රමෙ IE8 වලට වත්

    ReplyDelete
  11. ඇත්ටම එකග වෙන්න පුලුවන්. ඔය firefox මෙමරි එක කනව කිව්වට chrome එක cpu අනවශ්‍යය විදියට වැයකරනව.

    ReplyDelete
  12. Api podi kale use kare Netscape :D IE ekale ladaruwek, IE3 use kara mata mathakai, FF ithn Netscape wala rebirth ekak wage ne ;) mama FF 0.9 idan da kohedo use karanne :D

    ReplyDelete
  13. ස්තුති මල්ලි

    ReplyDelete
  14. Chrome OS කියලා ChromeBook වල මෙහෙයුම් පද්දතියක් තියනවා යාලුවා ඒක තත්පර 4කින් බූට් වෙනවා. නමුත් මම කියන්නේ ඒකාධිපතිත්වයක් හැදෙන්න හොද නෑ තරගයක් හැමදාම තියෙන්න ඕනේ.

    ReplyDelete
  15. ඒක ඇත්ත යාලුවා.

    ReplyDelete
  16. මම පාවිච්චි කරන්නේ IE3.0 කාලේ ඉදලා තමා. ඒකාලේ ඉන්ටනෙට් මාර හෙමින් නේද දැනුත් ඒවගේ වෙන්න යන්නේ

    ReplyDelete
  17. chrome වගේ හොද බ්‍රොව්සර් එකක් තියෙනකොට friefox ඒකට මිනිස්සු ඇදිආ යන එක සාමන්‍ය දෙයක්. මිනිස්සු chrome හොද නිසා ගොඩක් මිනිස්සු පාවිච්චි කරනවා කියන එක chrome වල වැරැද්දක් නෙවේ නේ, එක් programmers ලගේ දක්ෂතාවය, එකට අපිට කරන්ඩ දෙයක් නෑ.

    අනික chrome වලයි firefox වලයි වෙනස මොකක්ද? දෙකම open source වර්ගයේ එවා. chrome හදන්නේ chromium කියන open source browswe එකෙන් , ඕනි කෙනෙට firefox එක් වගෙ chromium වෙනස් කරන්ඩ පුලුවන්.

    බිම්සර වලල්ලාවිට : chrome os එක පටන් ගන්ඩ හේතුව තමා ඕක, මොකද දැන් cloud ගොඩක් බලවත්, online ම ඉන්න අයට එතකොට windows, linux ඕනෙ වෙන්නේ නෑ, chrome os ගැන මෙතනින් කියවන්ඩ : http://techyzilla.blogspot.com

    ReplyDelete
  18. ShiraN Yasassi - SL1:13 AM, December 25, 2011

    මමත් මේක කියන්නේ Firefox පාවිච්චි කරන කෙනෙක් විදිහට.
    ඇත්තටම ගොඩක් වෙලාවට Firefox වලට වඩා ඉහලින් Chrome ඉන්නවා තමයි. Google ලට ඕනි වැඩිම Browser Share එකත් එයාලගෙ කරගන්න. එයාලා ගොඩක් දේවල් දැනටම එහෙම කරගෙන ඉවරයි. Chrome දෙන්නෙ අපිට තියන ආ‍දරේටම නෙමයි. Chrome පාවිච්චි කරන ගොඩක් අය දන්නේ නෑ තමන්ගේ ඔක්කොම වගේ Usage, Google එකතු කරනවා කියලා. මොකටවත් නෙමෙයි හම්බ කරගන්න තමයි. පාවිච්චි කරන අය හිතන්නේ Chrome sandbox එකත් එක්ක browser එක thread තුන හතරකට කැඩුවහම Hacker ලට අපේ computers වලට එන්න බෑ කියලා විතරයි. ඇත්තටම Chrome ලට ඉන්න Staff එකයි, FF වලට ඉන්න Staff එකයි බැලුවම අහසට පො‍ළව වගේ. Mozilla කට්ටිය Open Source කරගෙන දගලන්නේ කහනවට නෙමෙයි. ටිකක් හරි අපි වගේ එවුන් ඉන්න ලෝකෙ ගැන හිතලා.

    මේවා මගේ අදහස් වැරැද්දක් තියනවා නම් කරැණාකරලා මාව නිවැරදි කරන්න කියලා ඉල්ලනවා

    යන්න කලින් පොඩ්ඩක් Wikipedia එක ගැනත් මතක් කරලා යන්නම්. පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒකටත් උදව්වක් කරන්න.
    https://donate.wikimedia.org/wiki/Special:FundraiserLandingPage?uselang=en&country=LK&template=Lp-layout-default&appeal-template=Appeal-template-default&appeal=Appeal-Brandon&form-template=Form-template-whyyourdonation&form-countryspecific=Form-countryspecific-variable1&utm_medium=sitenotice&utm_source=B11_Donate_Brandon_Accept_EN_LK&utm_campaign=C11_1114_AvsB_ASIA

    ReplyDelete
  19. of course we should donate wiki

    ReplyDelete
  20. kohomaada ochchara hodata sinhala type karanne?

    ReplyDelete
  21. ඇයි මේකේ මොකක් හරි අක්ෂර වින්‍යාස වල අව්ලක් තියනවද. තියනවා ඇති අනිවාර්යයෙන්ම. මොකද මගේ අක්ෂර වින්‍යාස පිලිබද දැනුම බොහොම පහල මට්ටමක තියෙන්නේ සමාවෙන්න

    ReplyDelete