December 20, 2011

IE බලෙන්ම ඒයි බලාගෙන

IE කියන්නේ වැඩියෙන්ම බැනුම් අහන බ්‍රව්සරයනේ එකෙ දෙකක් නැ. හොදම බැනුම් ඇසිමේ බ්‍රව්සරය තමා IE. කවදාවත් ෆයර්ෆොක්ස් වලටවත් Chrome වලටවත් ඒ තැන ගන්නවා තියා හිතන්නවත් බැ. ඉතින් මේවායින් IE6 කියන්නේ ලොකේම 8% විතර පාවිච්චි කරන බ්‍රව්සර් වර්ෂන් එකක්. ගොඩක් ලොකු අඩවි මේ බ්‍රව්සරයට සහය දක්වන්නේ නැ. ගුගල් හා වර්ඩ්ප්‍රෙස් ප්‍රධානයි. ඉතින් මයික්‍රොසොෆ්ට් එකෙන් කොච්චර කිව්වත් තාම මේ බ්‍රව්සරයෙන් අලුත් වර්ෂන්වලට මාරු නොවුන පිරිසක් ඉන්නවා. ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගම බලෙන්ම ඔටෝඅප්ඩේට් ඔන් කරලා තියන අයට අලුත් සංස්කරණ ඉන්ස්ටෝල් කරන්න යි හිතාගෙන ඉන්නේ. ඇත්තටම තාම මේ බ්‍රව්සරය පාවිච්චි කරනවා ඇත්තේ ගොඩක් දෙනා කම්මැලි කම‍ට වෙන්න ඕනේ. නැත්නම් අප්ඩේට් ඕන් කරන්නේ නැතුව ඉන්න අය වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් හොරට වින්ඩෝස් පාව්චි කරන හන්දා අප්ඩේට් ඕෆ් කරලා තියන අය වෙන්න ‍ඕනේ.



ලංකාවේ නම් වැඩියෙන්ම තාම පාවිච්චි කරන්නේ ගිනි නරියා තමා. ලංකාවේ අයට තියන හොදම බ්‍රව්සර් දෙක ක්රෝම් එකයි ෆයර්ෆොක්ස් එකයි. ඊලගට තමා IE. කවදාහරි දවසක Chrome පලවෙනියා වෙයි. ඒත් මම පාවිච්චි කරපු හොදම බ්‍රව්සර් එක නම් ෆයර්ෆොක්ස්. හොදම ශිෂ්‍යාම නෙමේ හැමතිස්සෙම පලවෙනියා වෙන්නේ. ‍ක්රෝම් වල සාර්ථකත්වය පිටිපස්සේ ‍ඉන්නේ තියන ලොකුම දේ තමා, මේක ගුගල් වලින් හදන එක. ඉක්මන් පාවිච්චියට ලේසි විම. ඒත් රැම් යුසේජ් එකෙනම් වෙනසක් නැ. බොරුවට අඩුයි කියලා පෙන්නුවට ෆයර්ෆොක්ස් වලටත් වැඩිය වෙලාවකට කන්සියුම් කරනවා මෙමරි. මොනවා වුනත් ලොකේ හොදම වෙනසක් කරපු බ්‍රව්සර් ටික, දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන බ්‍රව්සර් 3 අතරෙ තියනවා.

9 comments:

  1. anika chrome 1k Downloading slow!!!!

    ReplyDelete
  2. ක්‍රොම් පට්ට ස්පීඩ්

    ReplyDelete
  3. I cant agree with Sanindu,.normally I get ADSL full speed when downloading with chrome.. In my laptop Firefox takes lot more time than Chrome when booting

    ReplyDelete
  4. hehheheh sometimes its faster

    ReplyDelete
  5. hehehhe romba good browsers are there

    ReplyDelete
  6. Sanjanayo sometimes it takes errors ban http://dedunu.info/2011/11/22/chrome-%E0%B7%80%E0%B6%BD-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A/

    ReplyDelete
  7. මම මේල් එකක දැක්කා Internet Explorer එකට දීපු නියමම ගෞරව සම්මානයක් :)
    "The best browser for downloading another browser"
    හිහි. මේ කතාව සහතික ඇත්ත මගේ අත්දැකීමෙ හැටියට නම්.

    ReplyDelete