December 06, 2011

Ubuntuත් පසුපසට යයි

මේ දවස් ටික උඩු යටිකුරු වේගෙන එන්නේ. ඉන්දියාවේත් දෙවෙනි තැනට ක්රෝම් ඇවිත්. ඉතින් මේ අස්සේ ඩි‍ස්ට්‍රෝවොච් එකට ගියාම දැනගන්න ලැබුනේ Ubuntu දෙවෙනි ස්ථානයට ඇදලා දාන්න Mint වලට පුලුවන් වෙලාලු. ඉතින් මේ මින්ට හොදයි කියලා අපේ කම්පුටර් ක්‍ලාස් එකේ අයියා කෙනෙකුත් කිව්වා. ඒත් මම කවදාවත් මින්ට් වලට වැඩ කරලා නැ. ඉතින් මම දැන් මින්ට් ඩව්න්ලෝඩ් කරන ගමන් ඉන්නේ.


උබුන්ටු වල 12.04 එකේ ඇල්පා සංස්කරනයෙත් ගොඩක් ලොකු වෙනස් කම් කරලා නැ. ඇත්තටම ඒක අලුත් වර්ෂන් එකක් කියන්න තරම් වත් තාම අලුතෙන් ගුණාංග එකතුවෙලා නැ. බොහොමයක් දුරට තව ටික දවසකින් උබුන්ටු වල ලොකු ලොකු වෙනස් කම් දැක ගන්න බැරි වුනොත් ලෝකේ ප්‍රසිද්ධම සහ ජනප්‍රියම ලිනක්ස් වර්ගය විදිහට රැදෙන්න උබුන්ටු වලට බැරි වෙයි කියලා හිතනවා. මේ මොනවා වුනත් කැනොනිකල් එකත් වැඩේ අත අරින එකක් නැ.


ලිනක්ස් ඩිස්ට්‍රෝ කියන්නේ එක එක්කෙනාගේ පෞද්ගලික හෙරොයින් ජාතිය වගේ. ගොඩක් අය ඇබ්බැහි වෙනවා තමුන් වැඩියෙන් ආසා එකට. ඒ අතින් බලපුවාම මම උබුන්ටු වලට ඇබ්බැහි වෙලා නම් නැ තාම. මේ දවස් වල මාර දේවල් තමා වෙන්නෙත්. බලමුකෝ නේ! හැබැයි මටත් මින්ට් දැක්කාම ආස හිතුනා.

17 comments:

  1. නියම බාන්ඩෙ තමා උබුන්ටු.. ඊටත් වඩා ෆෙඩොරා හොදයි. ලිනුක්ස් වල නියම අත්දෑකිම් ගන්න නම් ෆෙඩොර ටම හොද.. user friendly වෑඩි උනාම මටනම් අල.... :)

    ReplyDelete
  2. hehhe ස්තුතියි යාලුවා

    ReplyDelete
  3. wubi වගෙ වින්ඩෝස් ඇතුලෙම දාන්න ක්‍රමයක් තියෙයිද ? මගේ නම් අංක එක වින්ඩෝස් උබුන්ටු නිකන් සෙල්ලමට වගේ තමයි පාවිච්චිය

    ReplyDelete
  4. i want to know how to watch,"swarnavahini tv live" on ubuntu.i can all other SL tv stations on line but swarnavahini.i use flash..still i cannot see swarnavahini.Pls help me.tnx

    ReplyDelete
  5. Debian poddak use karala balanna yaluwa eka thamayi hodama linux destro eka

    ReplyDelete
  6. Virtual Box එකක් ඇතුලටවත් ඔබාගෙන බලන්නෝන මින්ට් එක රහද කියල

    ReplyDelete
  7. මින්ට් පාරක් දාලා බලන්න හිතුනා..ස්තූතියි..

    ReplyDelete
  8. දැන් මාස 6ක විතර ඉඳල මින්ට් තමා ඉස්සරහින් ඉන්නෙ උබන්ටු වලට වඩා..

    ReplyDelete
  9. @බුවා අයියේ මේකේ Mint4Win කියලා Wubi ඉන්ටෆේස්එකම තියන එකක් තියනවා http://t.co/phl1lj3u

    ReplyDelete
  10. @ano http://www.swarnavahini.lk/index.php?page=live_stream try කරලා බලන්න

    ReplyDelete
  11. @Ruwan මම ඉස්සර මාසයක් විතර ‍Debian Use කරලා තියනවා ආපහු මේ ඩව්න්ලෝඩ් කරන ගමන්

    @ඉන්දික වර්චුවල් බොක්ස් එකෙන්ම බලපන්කෝ

    @අමිල ස්තුතියි අයියේ මම දැනන් හිටියේ නැ

    @ඔබ එලාස් දාලා බලමු

    @දුෂාන් මමත් වර්චුවල් බොක්ස් එකේ බැලුවා දාලා බලන්න ඕනේ මැෂින් එකටම

    ReplyDelete
  12. lol these new destros sucks big time,actually mint is modified ubuntu.if you've used RH,Mandrake,SuSe,Debain..etc you could feel the real linux,these new destros are like toys with increased user friendliness as it says,but no real feeling of linux

    ReplyDelete
  13. i have no such experience on linux and i like to use linux as much as i can thanks for ur tip

    ReplyDelete
  14. Machan VM ware 1k එකක් දාගනින් වින්ඩෝස් එක්ක ලිනක්ස් දුවන්න ...
    මම නම් මින්ට් ... වෙන මොනාද ඉතින්.. මැක්සා
    ~චරිත

    ReplyDelete
  15. එල එල ස්තුතියි

    ReplyDelete
  16. But finally I decided to move to Ubuntu

    ReplyDelete