අපේ තාත්තා අසනීප වෙලා බ්රහස්පතින්දා නතර කලා ජයවර්ධන පුර. ඉතින් නතර කරලා ඊයේ වෙනකම් හැම දවසෙම දිව්වා තාත්තව බලන්න. මමත් අම්මට නොකිව්වට බය වෙලා හිටියේ. තාත්තා අසනීප වුනාම දැනෙන බය කියලා නිම කරන්න බෑ. අද ටිකට් කපනවා කිව්ව හන්දා හවස යන්න හිතාගෙන මම පන්ති ගියා. ඒත් ගෙදර එනකොට තාත්තගේ ටිකට් කපලා එක්කං ඇවිත්. සෙම නරක් වෙලා තමයි අසනීප වෙලා තියෙන්නේ.
උන හැමදාම වැඩිවෙනවා අඩුවෙනවා හන්දා බය වෙලා අපි තකහනියේ නතර කලේ තාත්තා අකමැත්තෙන්මයි. ඒත් කිව්වට මොකද නතර කලාට පස්සේ තාත්තා යාලුවොත් හදාගෙන හෙන ජොලියේ ඉන්නවා ඉස්පිරිතාලෙට වෙලා. තාත්තට ගෙදර කෑම බීම වලට වැඩිය ඒහෙ කෑම බීම හිතටත් අල්ලා. [ගෙදර කෑම ගැන හිතාගන්නකෝ! ;) අම්මා දැක්කොත් විනාසයි හික්ස්] ඉතින් අසනීපෙ එච්චර තද එකක් නොව්නට මගේ හිතේ ඉතින් බය හැම තිස්සෙම තිබුනා. ඒ දැනෙන බය කියලා විස්තර කරන්න බෑ.
අසනීපෙ වැඩිවෙන්න කලින් මම කොච්චර නම් කෑගැහුවද, තාත්තා හරි හිතුවක්කාරයි. ඇහුවෙ නැ. මාස 3ක් විතර තිබුන කැස්ස වැඩි වෙලා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. මොනවා කරන්නද. තාත්තා ගෙදර ගෙනාව එක මට ලොකු සැනසීමක්.


