February 27, 2012

ලැප්ටොප් එකටත් වඩා චාජර් එක පරිසම් කරගන්න

මම කාලෙකට කලින් මගේ ලැප්ටොප් එක අසනීප වෙලා කියලා පෝස්ට් එකක් දැම්මනේ. ඉතින් මගේ අසනීප වෙච්ච ලැප්ට මම ඉතින් චාජරයක් ගන්න බම්බා ගියා. අපේ අප්පේ අලුතෙන් ලස්සන ලැපාලා ඇවිල්ලා තියන තරමක්. මම ඉතින් ඒවා ඔක්කෝම වින්ඩෝ ෂොපින් කරගෙන තමා ගෙදර ආවේ හිස් අතින් එන්නත් හොද නැනේ.


මම චාජයක් ගන්න මුලින්ම ගියේ ලැස්පොට් එක ගත්ත තැනටමයි. 3500ක් කිව්වානේ hp ස්ටිකරයක් ගහපු චාජරයකට. ඉතින් මම යුනිටිය වටේ ඇවිදලා ඇවිදලා බැලුවා 2500ට වඩා අඩුවට ගන්න කිසිම තැනක් නැ. ඉතින් මොනවා කරන්නද ‍චාජරයක් ගෙනාවා 2500ක් දීලා.


ඒක ගෙනාව වෙලාවේ ඉදලා තේ හදන්න පුලුවන් තරම් රත් වෙනවා. මට බය හිතෙනවා ඒක අල්ලපුවාම. ඒත් ඉතින් මම ලැප්ටොප් එකේ වැඩ නම් කරනවා. කොහොම වුනත් ජෙනුවින් ඇසසරි ගන්නවානම් 8000ක් වත් යයි. ඉතින් ඒක හන්දා ලැප්ටොප් එකට මොනවා හරි වුනොත් අලුතෙන් බ්‍රැන්ඩ් එකක්ම ගත්තැකි. ආපහු බ්‍රැන්ඩඩ් චාජයක් ගන්න වෙන්නේ නැ කවදාවත්ම. ඒක හන්දා චාජර් පරිසම් කරගන්න යාලුවනේ.

February 26, 2012

වින්ඩෝස් 8 වල අලුත් පාස්වර්ඩ් ක්‍රමය

වින්ඩෝස් 8 වල අලුත් විදියේ පාස්වර්ඩ් එකක් තියනවා. මේක ඉතින් ටෙබ්ලට් පරිඝනක අරමුණු කරගෙන දාලා කියලා තමා මට හිතුනේ. ඉතින් මේක අලුත් කිව්වට දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියන අය මීට ආසන්න විදිහේ අත්දැකීමක් විදිනවා. ඒ තමා අර ඩොට් ඩොට් ස්ක්‍රීන් ලොක් කරන පාස්වර්ඩ් එක. ඒවගේම තමයි වින්ඩෝස් 8 වල තියනවා අපිට ගෙස්චර් 3කින් පාස්වර්ඩ් එකක් පෙන්නන්න පුලුවන් අපි කලින් එසයින් කරපු පින්තුරයක. කිසිම ප්‍රශ්නයක් නැතුව කව්රුහරි ඉන්න තැනක සුපුරුදු විදිහට පාස්වර්ඩ් එක පාව්ච්චි කරන්නත් පුලුවන්.


 මම හොයලා බැලුවා මේ ගැන ඉන්‍ටර්නෙට් එකේ. මේකට තියන ප්‍රතිචාර ඒකියන්නේ සිකුරිටි එක්ස්පර්ට් ලගේ ප්‍රතිචාරනම් එච්චර හොද නැ. ඒත් මේක අපුරු අදහසක් කියලා මම හිතනවා. මම හිතන්නේ මේ පාස්වර්ඩ් එක කව්රුහරි ඉන්න වෙලාවට පාවිච්චි කරන්න පරණ පාස්වර්ඩ් එකත් දුන්නොත් හොදයි.

February 25, 2012

"Device Manager is running in read-only mode because you are running it on a remote computer."

මම කලිනුත් කිව්වා වගේ මම වැඩිය සර්වර් එක්ක සෙල්ලම් කරලා නෑ. මම වින්ඩෝස් සර්වර්  ස්ටැන්ඩලෝන් එකේ දාලා පාවිච්චි කරලා ටික දවසකින් ආසාවට Laptop එක මකලා දැම්මා. කිව්වට මොකද ලැප්ටොප් එක මකද්දි ආවේ මාර දුකක් හිතට. මොකද ගොඩ කාලයකින් ලැප්ටොප් එක මකලා නැ. අනික අප්ඩේට් ඔක්කොම දාලා තිබුනේ. විස්ටා පරණ වුනත් ලැප්ටොප් එකට හම්බුන ජෙනුවින් එකනේ. ඉතින් ‍කොච්චර හිතට අමාරු තිබුනත් වැඩ කරන විදිහ බලන්න කියලා මම ලැප්ටොප් එකට දාගත්තා.


මම සර්වර් එකේ නම දීලා තිබුනේ DEDUNU-SERVER කියලා. ඉතින් මම ඉස්සර ලැප්ටොප් එකට දීලා තිබුනේ DEDUNU-LAPTOP කියලා. මම ‍මගේ ෆෝන් එකේ නම දාලා තියෙන්නෙත් DEDUNU-MOBILE කියලා. එහෙම නම් කරන එක මට ලස්සනයි කියලා හිතුනා.


ඉතින් මම ලැප්ටොප් එකට වින්ඩෝස් සර්වර් 2008 R2 දාලා එහෙම නම දාන්න බැලුවාම DEDUNU-LAPTOP කියලා දාන එක හරි නැනේ කියලා මට හිතුනා. ඉතින් මම දැම්මා DEDUNU-MOBILESERVER කියලා. කොහොමින් කොහොමින් හරි ඔච්චර දිග එකක් දාන්න බෑ කිව්වත් වින්ඩෝස් වලින් ඒ නම අසයින් කරගත්තා.
ඉතින් මම ඊට පස්සේ මම ඩිවයිස් මැනේජර් එකට යන්න හදන හැම පාරම කියනවා ඩිවයිස් මැනේජර් එකට යන්න බෑ. Device Manager එක Read-Only කියනවා. වෙන Computer එකකින් ඇක්සස් කරනවලු. ඉතින් මම වෙන කම්පුරයකට මගේ කම්පුටරයකට කනෙක්ට් කරලාත් නැ. ඉතින් මම සර්ච් කරලා බැලුවා. මට හම්බුනා කම්පුටරයේ නම ඕනැවට වඩා දික්වුනාමලු එහෙම වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම DEDUNU-MSERVER කියලා නම දැම්මා. ඊට පස්සේ හරි ගියා. ඔය ටයිටල් එකට දාලා තියන මැසේජ් එක තමා මට පෙන්නුවේ. කම්පුට‍රේ නම අකුරු 15කට වැඩිය දික්කරන්න බෑලු.

February 24, 2012

Tire of Data Forms?? LightSwitch!!!

Have  ever worried about creating same data form for different projects?? Is it boring?? Microsoft owns a new solution for that. It's awesome. Flexible. We call it Microsoft Visual Studio LightSwitch. 2011. It generates data forms for your applications. It owns entity designer to design your database. And also there is a feature called screen. Screen are data forms which is generated by Micorosft Visual Studio LightSwitch.


And this also lets you to validate your data entries. Common data validation formats are available from the default. Now you don't want to validate Email, Telephone No, or URL. LightSwitch will care about it. Take a look on it! It's awesome.


http://www.microsoft.com/visualstudio/en-us/lightswitch

February 23, 2012

හැමෝම අන්තිම වෙනකං ඉන්නේ

මම ඇතුලු අති බහුතරයක් අන්තිම මොහොත වෙනකං BIT අසයින්මන්ට් කරලා නැ. මම ඊයේ රැ කම්පුටර් සිස්ටම් එකක් කලා. ආපහු කරන්න බලනකොට සර්වර් එක ටිකක් ස්ලෝ වෙලා. හොදම දේ කලින් කරලා තියන එක. කියන්න බෑනේ අපි හරි වාසනා වන්තයිනේ.


ඔන්ලයින් ලිස්ට් එකේ 200ක් විතර ඔන්ලයින් ඉන්නවා. කොහොම වුනත් ඇත්තටම මම නොදැනිම ඩෙඩ්ලයින් එනකං දන්නේ නැ. ඒ අස්සේ www.wpc.gov.lk එකේ ටිචර්ලා ගන්න විභාගේ ප්‍රතිඵල දාලා. ඒ වෙබ් සයිට් එකට තාම යන්න බෑ. ඉතින් මම අද හෙට තියන අසයිමන්ට් එක කලා. මම අනික් අයට ලකුනු අරගන්න උදව් කලත් මට කවදාවත් ලොකු ලකුනු එන්නේ නැ.


මම ගිය ආත්මේ කාටහරි බාගෙට උගන්නලා තියෙන්නේ. මට මොනවා කලත් ලකුනු ගොඩක් ගන්න බෑනේ. ඒත් ඉතින් මම හැමෝටම ඉගෙන ගන්න උදව් කරලා සතුටු වෙනවා.

February 21, 2012

Microsoft Visual Studio LightSwitch

ගොඩක් වෙලාවට සොෆ්ට්වෙයාර් ඩිවලොපර් ලව අරගන්නේ පෞද්ගලික ආයතන වල ඩේටාබේස් සම්බන්ධ ඩිවලොප්මන්ට් වලටමයි. ඉතින් සමහර විට ගොඩක් ප්‍රොජෙක්ට් එක වගේමයි. හැමදාම එකම එන්ටර් කරන ෆෝර්ම් එක හදලා එක එක විදිහට ඩිවලොප් කරන එක තමා කරන්නේ. ‍ඇත්තටම මේක අපරාධයක්නේ. දක්ෂ ක්‍රමලේක ‍ශිල්පියෝ හැමදාම ඩේටා එන්ටර් කරන ෆෝම් වලට හිර කරලා තියන එක.


මේකට මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් දෙන අලුත්ම විසදුම තමා මේ. Microsoft Visual Studio LightSwitch 2011. ඇත්තටම මේකේ එන්ටිටි ඩිසයිනර් එකක් තියනවා ඒකෙන් අපිට ‍අලුත් ඩේටාබේස් එකක ස්ට්‍රක්චර් එක හදන ගමන්ම අලුතින් ඊට අවශ්‍ය ඩේටා මැනිපුලේටින් ඩ‍යලොග් ටික හදාගන්න පුලුවන්. ඒවගේම දැනට හදලා තියන ඩේටාබේස් එකක් සම්බන්ධයෙන් වුනත් smooth වැඩ කරන්න පුලුවන්. මේක සිල්වර්ලයිට් තාක්ෂනය තමා මේ ‍ෆෝම් ජෙනරේට් කරන්න පාවිච්චි කරන්නේ. මේ ෆෝම් වලට ස්ක්‍රීන් කියලා තමා ලයිට් ස්විච් වල කියන්නේ.


 මේක මෙගාබයි 570ක් විතර වෙන්නේ ඩව්න්ලෝඩ් කරලා, ට්‍රයි කරලා බලන්න. මම තව විස්තර ලියන්නම්. ඒවගේමයි මට කියන්න අමතක වුනා ටේබල්ස් වල ‍රිලේෂන්ෂිප් වුනත් අපිට පාවිච්චි කරන්න පුලුවන් මේකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ස්ක්‍රීන් ටික ජෙනරේට් කරලා දෙනවා. Input validation වුනත් ගොඩක් ලේසි. මේක ව්‍යාපාරම සෘජුවම ඉලක්ක කරලා හදපු නිෂ්පාදනයක්. ගොඩක් සාර්ථක වෙයි කියලා මම හිතනවා.

February 19, 2012

අපි නොදන්න සර්වර්

ම‍ට මෙච්චර කාලයක‍ට සර්වර් ගැන ඉගෙන ගන්න වුවමනාවක් වෙලා නැ. ඉතින් මම නෙට්වර්කින් ගැන කිසිම දෙයක් ඉගෙන ගෙන නැති තරම්. මට හදිසියේ ෂෙයාපොයින් ඉගෙන ගන්න අසා හිතුන නිසා මම වින්ඩෝස් සර්වර් අරගෙන ෂෙයාපොයින් ඩව්න්ලෝඩ් කරගෙන බැලුවා. දැන් මම මේ පෝස්ට් එක ටයිප් කරන්නේත් ලැප් එකට දාලා තියන සර්වර් එකෙන්.


සර්වර් 2008 R2 වලින් ගන්න පුලුවන් වැඩ වල හැටියට මම වැඩක් ගන්නේ නැති තරම්. මට කොහොමත් ෂෙයාපොයින්ට් ඉගෙන ගන්න ඕනේ කන්ෆිගරේෂන් නෙමේ. මට ඕනේ ඇප්ලිකේෂන් ඩිවලොප්මන්ට්. හදිසියෙම රුපියල වැටිම හන්දා කම්පුටර් බඩුවලත් ගාන වැඩි වෙලා කියලා මට දැනගන්න ලැබුනේ අද. මට ටිකක් පුරුදුවෙන්න බර දාලා වැඩ කරන්න පුලුවන් කම්පුටරයක් ගන්න හිටියේ දැන් ඒකත් ඉවරයි.

February 13, 2012

Windows 7, 8, Server 2008 වල සිංහල යුනිකෝඩ් අව්ල්ද?

මම ඉතින් වින්ඩෝස් 7 වැඩිය පාවිච්චියක් නැ. ඒත් ඉතින් මම සමහර කම්පුටර් වල ඉතින් මගේ බ්ලොග් ලියනවා. වින්ඩෝස් විස්ටා වලට පස්සේ ආපු හැම වර්ෂන් එකකම සිංහල යුනිකෝඩ් ඉන්බිල්ඩ් එනවා. ඒත් හරියට කොම්බු ඇලපිලි ස්පිලි පාපිලි නම් වැඩ නැ. මේ තත්වය තාම උබුන්ටු වලත් තියනවා. ඉන්බිල්ට් එන යුනිකෝඩ් සහය ටයිපින් වලදි ගැටලු ඇතිවෙනවා.


වින්ඩෝස් විස්ටා වලින් පස්සේ තියන හැම වර්ෂන් එකකම හොදින් යුනි‍‍කෝඩ් රෙන්ඩර් වෙනවා ඒත් ගැටලු තියෙන්නේ ටයිප් කරද්දි. ඉතින් විස්ටා වලට එන Quick Fix එකනම් මෙගා බයිට් 2 ක් 3 ක් විතර තමා. ඒත් වින්ඩෝස් 7 වලට එන ‍ෆික්ස් එක මෙගාබයිට් 15ක් 20ක් විතර වෙනවා.


අපි බහුතරයකට දෙමල අවශ්‍ය නැනේ. ඉතින් Vista Quick Fix for Sinhala පහල තියන හැම ඔපරේටින් සිස්ටම් එකකටම හරියට වැඩ කරනවා.




  • වින්ඩෝස් විස්ටා

  • වින්ඩෝස් 7

  • වින්ඩෝස් සර්වර් 2008

  • වින්ඩෝස් සර්වර් 2008 R2

  • වින්ඩෝස් 8 ඩිවලොපර් ප්‍රිවිව්


ඉතින් ‍ලේසි ක්‍රමය පාවිච්චි කරන එක හොදයි කියලා මම හිතනවා.

මේ දවස් වල වැඩ කරන්නේ

මම මේ දවස් වලට වැඩ කරන්නේ Windows Server 2008 R2 එක්ක. ඒවගේම ‍Sharepoint 2010 Enterprise එකේ ඩිවලොප්මන්ට් පුරුදු වෙනවා. පොඩි ප්‍රශ්නයක‍ට තියෙන්නේ මගේ ලැප්ටොප් එකෙත් චාජර් එකේ අව්ල හන්දා තියෙන්නේ ඉතින් අපේ අනික් කොම්පුට‍රේ තමා. මේකේ ඉතින් රැම් එකයි Processor එකයි ගානට වගේ තියෙන්නේ. හැබැයි ස්ටක් වෙන්නේ නම් නැ. ඒවගේම LightSwitch ගැනත් අදහසක් ගන්න කියලා හිතාගෙන ඩව්න්ලෝඩ් කලා විතරයි.‍ කොහොමත් මම ආසම දේවල් දැන් කරගෙන යන්නේ.


ලයිසන් ගන්න රෙජිස්ටර් වෙන්න මම දැන් සතියකට විතර උ‍ඩදි ගියා. ඉතින් හෙට අනිද්දා එකේ විභාගේ ලියන්නත් ඕනේ. දැන් ටිකක් බිසි වෙගෙන තමා එන්නේ. මම අලුතින් දෙයක් ඉගෙන ගත්තොත් ලියන්නම්කෝ.

.NET User Meeting එකට මමත් ගියෝ

මම ඉස්සර ඉදලම http://dotnetforum.lk/ එකේ හිටියත් කවදාවත්ම ඔය යුසර් මීටිං වලට ගියේම නැ. යන්න ආසාවෙන් හි‍ටියත් ඕකට ගිහින් එන එක හෙන ප්‍රශ්නයක් වෙලා තිබුනා. මොකද මම එතකොට පොඩි එකානේ. ගෙදරින් කොහෙවත් යන්න දෙන්නේ නැ. ඉතින් මේ පාර 8 වෙනිදා ඊමේල් එකක් ආවා මේ මිටින් එක ගැන. මේ පාර ඉතින් හොදටම චාන්ස් එක තියන හන්දා මම ගියා.


අපරාදේ මට මෙච්චර කාලයක් යන්න බැරි වුනේ කියලා හිතුනේ. Fiqri අයි‍යා MVC 3 වල Security ගැන කියලා දුන්නා. Melick අයියා Workflow Foundation ගැන කියලා දුන්නා. Workflow ගැන දැනගෙන හිටියත් ඒකේ වැදගත් කම හරියටම දැන ගත්තේ එදා තමයි. ආපහු මීටින්ස් තියනවා නම් මම පෝස්ට් එකක් දාන්නන්කෝ.

February 02, 2012

මැරුණද

මාව නැති වුනොත් මැරෙනවා කිව්ව ඔයා මැරුණද රත්තරනේ. මට වෙන දේවල් වල හැටියට ඔයා කරන දේවල් මහ ලොකු දේවල් නෙමේ. අම්මා තාත්තා ඇරෙන්න වෙන අය කියන දේවල් විස්වාස කරන්න කොච්චර අමාරුද. මම අම්මටත් තාත්තටත් වඩා ඔයා කියපු දේවල් විස්වාස කලා. ඒකට මම හැමදාම විදවනවා. ඒත් ඔයා මට දුන්න ඒ ව‍චනේ වෙනස් කරන්න මම ගොඩක් මහන්සි වුනා. මම නැතිවුනොත් මැරෙයි කියලා මම බය වුනා. ගැනු ලමයෙක්ව තේරුම් ගන්න මට බැරි වුනා. ඒත් මම ගැනු ලමයෙක්ට අවශ්‍ය ‍දේවල් තේරුම් ගත්තා. මගේ න් තොර ලස්සන ජිවිතයක ඔයා ඉන්නවා දකින්නයි මට ඕනේ වුනේ.


මම තාම තනියම... ඒත් ඔයා...

සතුටින් ඉන්න!!!