මම කාලෙකට කලින් මගේ ලැප්ටොප් එක අසනීප වෙලා කියලා පෝස්ට් එකක් දැම්මනේ. ඉතින් මගේ අසනීප වෙච්ච ලැප්ට මම ඉතින් චාජරයක් ගන්න බම්බා ගියා. අපේ අප්පේ අලුතෙන් ලස්සන ලැපාලා ඇවිල්ලා තියන තරමක්. මම ඉතින් ඒවා ඔක්කෝම වින්ඩෝ ෂොපින් කරගෙන තමා ගෙදර ආවේ හිස් අතින් එන්නත් හොද නැනේ.
මම චාජයක් ගන්න මුලින්ම ගියේ ලැස්පොට් එක ගත්ත තැනටමයි. 3500ක් කිව්වානේ hp ස්ටිකරයක් ගහපු චාජරයකට. ඉතින් මම යුනිටිය වටේ ඇවිදලා ඇවිදලා බැලුවා 2500ට වඩා අඩුවට ගන්න කිසිම තැනක් නැ. ඉතින් මොනවා කරන්නද චාජරයක් ගෙනාවා 2500ක් දීලා.
ඒක ගෙනාව වෙලාවේ ඉදලා තේ හදන්න පුලුවන් තරම් රත් වෙනවා. මට බය හිතෙනවා ඒක අල්ලපුවාම. ඒත් ඉතින් මම ලැප්ටොප් එකේ වැඩ නම් කරනවා. කොහොම වුනත් ජෙනුවින් ඇසසරි ගන්නවානම් 8000ක් වත් යයි. ඉතින් ඒක හන්දා ලැප්ටොප් එකට මොනවා හරි වුනොත් අලුතෙන් බ්රැන්ඩ් එකක්ම ගත්තැකි. ආපහු බ්රැන්ඩඩ් චාජයක් ගන්න වෙන්නේ නැ කවදාවත්ම. ඒක හන්දා චාජර් පරිසම් කරගන්න යාලුවනේ.
wow එකේ තිබ්බ තැනක් 1500 කියල. ඒක නම් missing. මේක ලඟදි දැක්ක එකක්. http://classified.wow.lk/detail.php?siteid=498221 මේ වෙන තැනක්. මගේ කීබෝර්ඩ් හදාගන්න ගිය තැන.
ReplyDeleteස්තුතියි යාලුවා අපරාෙද් මම ගත්ෙත් 2550කට
ReplyDeleteඑහෝ එහෙම ද එහෙනම් හොදම දේ තමා නේද තියන එක ආරක්ෂා කර ගන්න එක. අනිත් එක කවුරැහරි දන්නවනම් කියන්න පුල් චාර්ජ් වුනාට පසු චාර්ජර් එකට පවර් දෙන එක නවත්වන එකද හොද එහෙම නැත්නම් දිගටම ලැප් එකට පවර් දීලා තියන එක ද9 හොද!
ReplyDeleteස්තුතියි
මගේ යාලුවෙකුට චාජරයක් ගන්න මම පිටකොටුවේ කඩේකට ගියා. කඩේ ඉන්නකෙනා මගෙන් ඇහුවා මොකක්ද ? වර්ගේ HP ද, DELL ද, ASUS අරකද මේකද තව ප්රශ්ණ ගනනාවක්. මම කිව්වා මට ඕනැ 19.5V out එක තියෙන එකක් කියල. මිනිහා ඔක්කොම ටික මේසේ උඩින් තිබ්බා. ඒ හැම එකක්ම චීන චාජර් එකම විදියේ . වෙනසකට තියෙන්නේ එක එක බ්රැන්ඩ් වල නම් ගහපු ස්ටිකර් වල විතරයි. ඔක්කොම 19.5V ඉතින් මම එකක් ගත්තා. 1100 කියපු එක 950 කට ගන්න පුලුවන් උනා . කිසිම කරදරයක් නැතිව තාම වැඩ . කොහොමත් චාජර් එක වැඩකරනකොට පොඩ්ඩක් රත් වෙනවා තමයි. ගොඩක්ම නෙමේ. පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ ඈතට ඇවිදගෙන යනකොට දකුණු පැත්තේ ඉහලින් බෝඩ් එකක් ගහල තියෙනවා 'ස්පෙන්සර් හවුස් ' කියල. ඒ බිල්ඩිමේ කඩ කීපයකම ඔය කියන චාජර් තියෙනවා.බය නැතුව ගන්න !අව් රුද්දක වගකීමකුත් තියෙනවා .
ReplyDeletemamath oya charger ekama gaththa, eka hinda battery eke performance adu una bettery ekata charger eka 30min wath tiyaganda bae
ReplyDeleteපිටකොටුවෙ චාජර් ලාබයි බම්බලපිටියට වඩා, ගන්නකොට 19.2 වොල්ට් වුනාට ඇම්පියර් වැඩි එකක් ගන්න, එතකොට රත්වෙනව අඩුයි, වැඩිකාලයක් තියගන්න පුලුවන්
ReplyDeletehp genuine චාර්ජර් 1ක් ගන්න තැනක් තියෙනවනම් කියන්නකෝ. unity එකේ තියෙන්නේ compatible චර්ජර්ලු. කොටුවේ තියෙන එවගෙයි unity එකේ තියෙන එවගෙයි වෙනසක් නැද්ද?
ReplyDeleteපිටකොටුවේ පලවෙනි හරස් වීදියේ තියෙන spenser house 1 ට (ටිකක් දුර යන්න ඕනා දකුණු අත පැත්තේ තියෙන්නේ ) මම ගියා අලුත් hp charger 1 ක් ගන්න. අතුලුවෙනකොටම වම් අත පැත්තේ තියෙනවා කඩයක්. එකේ නම AG NEW වගේ මතක. එකේ ඉන්න හම්බයෝ මගේ original charger එකේ ගලවන්න පුළුවන් වයර් 1 ගලවලා එකේ තිබුන sticker 1 ත් අලවලා වෙන වයර් ක් දීල තියෙන්නේ.මම අනිත් කඩේට ගියාම දැක්කේ. පොන්න හම්බයෝ. උන් කිව්වා 1800 ක් වෙනවලු stores වලින් ගෙනත් දෙන්නම් විනාඩි ක් දෙන්න කිව්වා. මම ඕනා නෑ කියල අවා. උන් ගාවටනම් යන්න එපා. යනවනම් ගෙනියන බඩුවේ තියෙන ගලවන්න පුළුවන් ඔක්කොම ගලවාගෙන යන්න. මම unitech (පලවෙනි හරස් වීදියේ යනකොටම වම් අත පැත්තේ ) 1 න් රු 1200 ට 1 ක් ගත්තා. no warrenty විනාඩි 45 ක් විතර charge කරේ. රත්වෙලාම දුමක් දාගෙන පිච්චුනා. අන්තිමට මහරගමින් multi charger 1 ක් ගත්තා. ඇම්පියර් ගණන ටිකක් අඩුයි. ඒක batery 1 ට අවුලක් ද?
ReplyDelete