February 13, 2012

Windows 7, 8, Server 2008 වල සිංහල යුනිකෝඩ් අව්ල්ද?

මම ඉතින් වින්ඩෝස් 7 වැඩිය පාවිච්චියක් නැ. ඒත් ඉතින් මම සමහර කම්පුටර් වල ඉතින් මගේ බ්ලොග් ලියනවා. වින්ඩෝස් විස්ටා වලට පස්සේ ආපු හැම වර්ෂන් එකකම සිංහල යුනිකෝඩ් ඉන්බිල්ඩ් එනවා. ඒත් හරියට කොම්බු ඇලපිලි ස්පිලි පාපිලි නම් වැඩ නැ. මේ තත්වය තාම උබුන්ටු වලත් තියනවා. ඉන්බිල්ට් එන යුනිකෝඩ් සහය ටයිපින් වලදි ගැටලු ඇතිවෙනවා.


වින්ඩෝස් විස්ටා වලින් පස්සේ තියන හැම වර්ෂන් එකකම හොදින් යුනි‍‍කෝඩ් රෙන්ඩර් වෙනවා ඒත් ගැටලු තියෙන්නේ ටයිප් කරද්දි. ඉතින් විස්ටා වලට එන Quick Fix එකනම් මෙගා බයිට් 2 ක් 3 ක් විතර තමා. ඒත් වින්ඩෝස් 7 වලට එන ‍ෆික්ස් එක මෙගාබයිට් 15ක් 20ක් විතර වෙනවා.


අපි බහුතරයකට දෙමල අවශ්‍ය නැනේ. ඉතින් Vista Quick Fix for Sinhala පහල තියන හැම ඔපරේටින් සිස්ටම් එකකටම හරියට වැඩ කරනවා.




  • වින්ඩෝස් විස්ටා

  • වින්ඩෝස් 7

  • වින්ඩෝස් සර්වර් 2008

  • වින්ඩෝස් සර්වර් 2008 R2

  • වින්ඩෝස් 8 ඩිවලොපර් ප්‍රිවිව්


ඉතින් ‍ලේසි ක්‍රමය පාවිච්චි කරන එක හොදයි කියලා මම හිතනවා.

2 comments:

  1. කපුටා 2004 font එක දාගන්න බැරිද ? ලියන්න පහසුයි ...

    ReplyDelete
  2. මට නම් ඉතින් වි‍ජේසේකර කීබෝඩ් එකම තමා ලේසි. කපුටා 2004 පුරුදු අඩුයි යාලුවා. මම දන්න ක්‍රමයක් නම් නැ ඒකට

    ReplyDelete