September 03, 2012

Sep 01

සැප්තැම්බර් මාසෙත් පටන් ගත්තා. උසස්පෙලත් ඉවර වුනා විතරයි. ඉතින් මට මේ මාසේ පටන් ගත්ත හැටි කියලා වැඩක් නැ. පුදුමාකාර සතුටුටක් එක්ක තමා මේ මාසේ පටන්ගත්තේ. උදේ පාන්දර ඉතින් මගේ BIT ‍ක්ලාස් ගිහින් 1ට විතර බම්බලපිටියේ ඉදන් මම ගියා මරදාන පැත්තට. දවල්ට මරදානේ කඩේකින් වලදලා එහෙම ඉතින් TweetupSL 3 එක තියන Warehouse Project තියන තැනට යන්න ගත්තා. ඇත්තමයි මට හිතුනේ මට පාර වැරදිලා කියලා. ඒත් Warehouse එක ඇතුලට ගියාම තමයි තේරුනේ මට වැරදිලා නෑ. මම ඉන්නේ හරි තැන කියලා. Event එක 3pm පටන් ගන්න තිබුනත් මම එතනට ටිකක් කලින් ගියා. ඉතින් 3 වෙන්න හම්බු‍නේ නෑ කට්ටිය පිරුණා. දන්න කියන අය හිටියා දනේනේ නැති අය හිටියා ගොඩක් අය අදුරගත්තා. අදුරන දැකලා නැති අය බලාගත්තා. පුදුම සතුටකින් එවෙලාවේ හිටියේ.


මගේ බ්ලොග් එකේ හෙඩර් එකේ දාලා තියන පින්තුරේ ගත්තෙත් එහෙදිම තමා. එකේ ෆුල් ක්‍රෙඩිට් එක @sameerawin අයියට යන්න ඕනේ.




Related Links:

http://www.sabithl.blogspot.com/2012/09/tweetupsl-3-sl.html

4 comments:

  1. ට්වීටින් යනු මාරම මෙව්වා එකකි :)

    ReplyDelete
  2. මාත් ආවා! දැනගෙන හිටියා නම් හමුවෙන්න තිබුනා!

    ReplyDelete
  3. අපරාදේ ඊලග පාර අදුරගමු යාලුවා

    ReplyDelete