මම මේ දවස් වල ගොඩක්ම සර්ච් කරන්නේ ඉගෙන ගන්නේ ඩේටාබේස් ගැන. මොකද මම වැඩ කරන්නේ ඩේටාබේස් ටීම් එකක හන්දා. දැනට ලෝකේ තියන ඩේටාබේස් සිස්ටම් වල වෙනසක් වෙන්න යනවා කියන එක තමයි හැමෝගෙම අදහස. මොකද මේ Big Data නිසා.
මෙච්චර කාලයක් Relational Database තමා හැම සිස්ටම් එකක්ම වාගේ පාවිච්චි කලේ. ඒත් දැන් අලුතෙන් එන ගොඩක් සිස්ටම් වලට Relational Database පාවිච්චි කරන එක අඩු වෙන්න වගේ යන්නේ. මොකද මේ ඩේටාබේස් වලින් ගොඩක් අඩු කාර්යක්ෂමතාවයක් තමා ලැබෙන්නේ. ඒත් මේ NoSQL ඩේටාබේසස් ඔක්කෝම වීශේෂ කාර්යකටම තමා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ඒ NoSQL ඩේටාබේස් එකිනෙකට වෙනස් කටයුතු වලට පාවිච්චි කරන්න තමා නිර්මාණය කරලා තියෙන්නේ.
ඒවාට උදාහරණ කිහිපයක් තමා,
- MongoDB
- Cassandra
- RavenDB
- TitanDB
- HBase
සමහර විට මේක පරිගණක පද්ධති වල ලොකු වෙනසකට යොමු කරන දෙයක් වෙන්නත් පුලුවන්
ඉදිරියටම කරගෙන යන්න. අනිවාර්යෙන් ඔබේ පොස්ට් එක බලනවා.
ReplyDeleteසුබ පැතුම්.
ස්තුතියි
Delete