මම මේ ලගදි blog කියව කියව යද්දි දැක්කා Linux Mint ගැන පෝස්ට් එකක්. ඉතින් ඒකේ කියලා තිබුනා සමහරු Close Button එක දැක්කාම අව්ල් වෙනවා කියලා. ඉතින් සමාන්‍යෙයන් අපි පුරුදු තැනට Close Button එක ගන්න හැටි තමා මම මේ පෝස්ට් එකෙන් කියන්න හදන්නේ.
පලවෙනියට මේක ලේසියෙන් කරන්න නම් gnome-tweak-tool එක install කරගන්න ඕනේ. Ctrl+Alt+T press කරන්න. ඊට පස්සේ පල්ලෙහා තියන කමාන්ඩ් එක ටයිප් කරන්න.
sudo apt-get install gconf-editor
ඊට පස්සේ පහල තියන කමාන්ඩ් එක ටයිප් කරන්න.
gconf-editor
දැන් එන වින්ඩෝ එකේ / expand කරලා apps/ metacity/ general click කරන්න. ඊට පස්සේ button_layout එකේ Value එක menu:minimize,maximize,close කියලා වෙනස් කරලා. වින්ඩෝ එක ක්ලෝස් කරන්න. ඇප්ලයි වුනේ නැත්තම් රිස්ටාර්ට් කරලා බලන්න.