January 22, 2013

MongoDB – Part 2

මම ඊයේ ලියපු පෝස්ට් එකෙන් මොන්ගෝ ඩිබි ස්ටාර්ට් කරන හැටි. අපි බලමු කොහොමද මොන්ගෝ ඩිබි වල ඩේටාබේස් හදන හැටි ඩේටා සේව් කරන, ඩේටා අරගන්න විදිහ.

හැම දේටම කලින් අපි දැන ගන්න ඕන දෙයක් තමා මොන්ගෝ ඩිබි වල ස්ට්‍රක්චර් එක. මොකද අපි දැනට පුරුදු වෙලා ඉන්න ටේබල් වලට වැඩිය ටිකක් වෙනස් දෙයක් තමා මොන්ගෝ ඩිබි වල තියෙන්නේ.

මොන්ගො ඩිබි වල  Database, Collection, Document කියන තුන අපි දැනගන්න ඕනේ. ඩේටාබේස් එක නම් අපි සමාන්‍යෙයන් දන්න ඩේටාබේස් එකම තමා. කලෙක්ෂන් කියන්නේ ටේබල් වලට සමාන දෙයක්. හැබැයි කලෙක්ෂන් වල හරියටම Schema එකක් නැහැ. Document කියන්නේ රෙකෝඩ් එකක් වගේ දෙයක්.

අපි බලමු ඩේටා බේස් එකක් හදන්නේ කොහොමද කියලා. ඩේටා බේස් එකක් හැදෙන්නේ ඇත්තටම අපි ඒ ඩේටා බේස් එක ඇතුලේ ඩේටා සේව් කලොත් හරි නැත්නම් කලෙක්ෂන් එකක් හරි හැදුවොත් තමා.

use <database name>

අපිට sample කියලා ඩේටාබේස් එකක් හදන්න ඕනේනම් ඉස්සෙල්ලා සිලෙක්ට් කරන්න ඕනේ. ඒකට පහල තියන කමාන්ඩ් එක මොන්ගෝ ඩිබි ෂෙල් එකේ ටයිප් කරන්න ඕනේ. කලින් පෝස්ට් එකේ නතර කරපු තැනින් ඉස්සරහට තමා මම මේ පොස්ට් එක ලියන්නේ.

use sample

ඉහත කමාන්ඩ් එකෙන් අලුත් ඩේටාබේස් එකට මාරු වුනත්. ඒකට අදාල ෆයිල්ස් හැදෙන්නේ නැ. \data\db එක ඇතුලට ගිහින් බැලුවොත් ඔයාලට පෙනෙයි තාම sample කියලා ෆයිල් හැදිලා නෑ කියලා.

කලෙක්ෂන් එකක් හදන්න පහත තියන කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න.

db.createCollection(“users”);

දැන් ඩේටාබේස් එක හැදිලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඩේටා සේව් කරන්න. මේකෙදි ඩේටා සේව් කරන්නේ JSON විදිහට. අපි බලමු සාම්පල් රෙකෝඩ් එකක් සේව් කරලා.

db.users.insert({ name:”Dedunu”, org:”Pearson Education” })

සේව් වුන ඩේටා ආපහු බලන්න පහත කමාන්ඩ් එක එන්ටර් කරන්න.

db.users.find()

අපි තවත් ඩේටා එන්ටර් කරලා බලමු.

db.users.insert({ name:”Angelo”, org:”Softlogic”})

ආපහු db.users.find() කියලා ටයිප් කරලා ඩේටා සේව් වුනාද කියලා චෙක් කරලා බලන්න පුලුවන්.

mongo sample shell

4 comments:

  1. හොඳ ලිපි පෙළක්.
    ඔබේ Index එක තරමක් අවුල් සහගතයි.(මෙය අදහසක් පමණයි.)

    ReplyDelete
    Replies
    1. මම ඒක තව ටිකක් හදන්නම් යාලුවා ස්තුතියි.

      Delete
  2. Replies
    1. ස්තුතියි යාලුවා

      Delete