January 21, 2013

MongoDB

මම කලින් පෝස්ට් එකේදි කිව්වා NoSQL ගැන. ඒවගේම මොන්ගෝ ඩිබි කියන්නේ NoSQL ඩේටාබේස් එකක්. ඉතින් මොන්ගො ඩිබි කියන්නේ Document Base ඩේටා බේස් එකක්. අපි දන්න අනික් ඩේටාබේස් හැම එකක් වගේම දත්ත සේව් කරන්නෙ Record හැටියට. ඉතින් මේවායේ ඩේටා ටයිප්ස් තියනවා අලුතෙන් කොලම් ඇඩ් කරද්දි මුලු ටේබල් එකටම බලපානවා ඒවගේ නානප්‍රකාර ගැටලු තියනවා. නමුත් මොන්ගො ඩිබි වල මේවගේ සිමාවල් නැ. මොකද දත්ත සේව් වෙන්නේ Document විදිහට ඒ ඒ Document එකට අදාල කොලම් වගේ දේවල් තියෙන්න පුලුවන්. කිසිම වෙලාවක් Schema එකකට බැදිලා නෑ. මේක ඇත්තටම එක පැත්තකින් පාඩුවක් වුනත් තව පැත්තකින් වාසියක්.

අපි බලමු මොන්ගො ඩිබි එක්ක වින්ඩෝස් වලදි වැඩ කරන්නේ කොහොමද කියලා.

http://www.mongodb.org/downloads

ඉහත තියන සයිට් එකට ගිහින් පලවෙනියට මොන්ගො ඩිබි ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ. හැබැයි මේක අනික් ප්‍රසිද්ද DBMS වගේ ලොකු ඩව්න්ලෝඩ් එකක් නෙමෙයි. 60MB-70MB අතර ප්‍රමාණයක් තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක extract කරන එක.

අපි හිතමු D:\ ඩ්‍රයිව් එකට extract කලා කියලා. දැන් අපි D:\ ඩ්‍රයිව් එකේ හදන්න ඕන ෆෝල්ඩර් වගයක් තියනවා. ඒ තමා පහත තියන ෆෝල්ඩර්.

  • D:\data
  • D:\data\db

මේ ඉහත තියන ෆෝල්ඩර් වල තමා දත්ත සේව් වෙන්නේ. දැන් ඊලගට තියෙන්නේ ඩේටාබේස් සර්වර් එක ස්ටාර්ට් කරන එක. ඒකට mongodb ෆෝල්ඩර් එක ඇතුලේ තියන bin එකේ mongod.exe එක ඩබ්ල් ක්ලික් කරන්න. හරියට ෆෝල්ඩර්ස් හැදුවා නම් ඒ වින්ඩෝ එක ක්ලෝස් නොවි තියනවා.

mongod

MongoDB වලට Connect වෙන විදිහ

මොන්ගො ඩිබි හරියට රන් වෙනවා නම් දැන් අපි කරන්න ඕනේ කනෙක්ට් වෙන එකනේ. ඒකට mongo.exe රන් කරන්න.

mongo

දැන් ඉතින් තියෙන්නේ මොන්ගො ඩිබි එක්ක වැඩ කරන්න. මම ඉස්සරහට තවත් පෝස්ට් එකකින් වැඩ කරන හැටි දාන්නම්.

4 comments:

  1. Good article.
    Yes we are waiting for your next post.

    ReplyDelete
    Replies
    1. thanks friend, i hope to post it sooner.

      Delete
  2. Replies
    1. comments makes me more quicker. sure friend ill post more sooner !

      Delete