මට උබුන්ටු ඉන්ස්ටෝල් කලාට පස්සේ ඕන වුනා root යුසර්ව ඇක්ටිවේට් කරන්න. උබුන්ටු වල root ඩිඇක්ට්වේට් වෙලා තමා තියෙන්නේ හැම තිස්සේම. ඒක හන්දා root වෙනුවට පාවිච්චි කරන්න වෙන්නේ sudo කමාන්ඩ් එක.
su root වැඩ කරන්නේ නැ මොකද root ඩිඇක්වේට් හන්දා. root ඇක්ටිවේට් කරන්න root ගේ පාස්වර්ඩ් එක මාරු කලාම හරි. ඒකට පහල තියන කමාන්ඩ් එක ටයිප් කරන්න ටර්ම්නල් එක අරගෙන (Ctrl+T).
sudo passwd root
ඊට පස්සේ ඇඩ්ම්න් යුසර්ගෙ පාස්වර්ඩ් එක ටයිප් කරන්න. ඊට පස්සේ root දාන පාස්වර්ඩ් එක දෙපාරක් ටයිප් කරන්න. දැන් root activate වෙලා තියෙන්නේ.
su root ගහලා චෙක් කරලා බලන්න.