March 05, 2013

Gmail පාව්ච්චි කරලා Scroogled වෙලාද?

මම මේ ලගකදි දැක්ක ලොකුම මඩ පාර තමා මේක. Microsoft එකෙන් Gmail වලට විරුද්ධව කරගෙන යන Campaign එකක් තමා Scroogled.com කියන්නේ. මේයාලා කියන්නේ Gmail ads ඩිස්ප්ලේ කරන්න අපේ හැම ඊමේල් එකක්ම කියවනවා කියන එක. මේක ලංකාවේ අයට ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද ලංකාවේ අයගේ (බහුතරය) Internet එකේ Privacy ගැන හිතන්නේ නැ. ඒත් US වල අයගෙන් 89% දන්නේ නෑලු මේ ඊමේල් ගුගල් එකෙන් කියවන වැඩේ. 88% කියන්නේ මේ ඊමේල් කියවන වැඩේ නරකයි කියලාලු. 
කොහොම වුනත් මේ scroogled සයිට් එකේ ජීමේල් එකේ වැරදි කියන ගමන් කරන්නේ, Outlook.com එක මාර්කට් කරන එක. අවුට්ලුක් කාගෙවත් මේල් කියවන්නේ නැලු ඇඩ්ස් ඩිස්ප්ලේ කරන්න කියලා කියනවා. කොහොමත් මේක මයික්‍රෝසෝෆ්ට් එකෙන් ගුගල් එකට කෙලින්ම ගහන මඩ පාරක්. ඒවගේම මේකේ ඇත්තකුත් තියනවා. ඒත් අපි Gmail එකවුන්ට් එකක් හදද්දි සමහර විට මේ කියවන දේවල් වලට කැමති වෙනවා ඇති (ඇති කියන්නේ කව්රුත් Privacy and Policy කියවන්නේ නැනේ).