Skip to main content

Windows 8 Developer Preview එක බාගන්න

මම අද උදේ ෆේස්බුක් එකේ ඩිවලොපර් හෙල්ප් එකට යනකොට දැක්කා වෙලින්ටන් අයියා පෝස්ට් එකක් දාලා තියනවා Wait for CTP 1.0 කියලා. ඉතින් මම කල්පනා කලා ඉලගට එන්න තියන Community Technical Preview එක මොකද්ද කියලා. මම Older Posts බලනකොට දැක්කා Windows 8 Developer Preview එක Release කරලා.

එතන ඇත්තටම ඩව්න්ලෝඩ් 3ක් තියනවා. පලවෙනි එක Windows 8 Developer Preview with Developer Tools ඒක 64-bit විතරයි. ඒක ගිගාබයිට් 4.8ක් වෙනවා. එකේ තියනවා

  • 64 – bit Windows Developer Preview
  • Windows SDK for Metro style apps
  • මේකේ තියන මට නම් වැදගත්ම දේ තමා Microsoft Visual Studio 11 Express for Windows Developer Preview
  • Expression Blend 5 තියනවා
  • මෙට්රෝ ස්ටල් එකේ ඇප්ලිකේෂන් 28 ක් තියනවා.

තාම www.microsoft.com/express ඒකේ වත් Visual Studio 11 ගැන කිසිම දෙයක් දාලා නැ. හැබැයි MSDN සයිට් එකේ තියනවා ඒ ගැන වෙනමම Section එකක්. කොහොම වුනත් මට දකින්න ලැබුනු ස්ක්‍රින්ෂොට්ස් වල හැටිය‍ට Visual Studio 11 Metro Style ඩිවලොප් කරන්න වැඩි සහයෝගයක් දක්වනවා වගේ පෙනුනේ. ඒවගේම මේක .NET Framework 4.5 තමා පාවිච්චි කරන්නේ මම දැන්ට ඩව්න්ලෝඩ් කරම්න් ඉන්නේ. ඩව්න්ලෝඩ් කරපු ගමන් මගේ එක්ස්පිරියන්ස් එක කියන්නම්.

වින්ඩෝස් 8 වලට ඕනේ වින්ඩෝස් 7 වල Hardware Requirements මයි. ඒවගේම තත්පර 8 කින් වින්ඩෝස් 8 බූට් වෙනවලු.

http://msdn.microsoft.com/en-us/windows/apps/br229516

Comments

  1. windows 7 thiyeddima apita meka install karanna pulu1da?

    ReplyDelete
  2. මේක වින්ඩෝස් 7 පැත්තකින් දාන්නත් පුලුවන් නැත්නම් 7 අප්ඩේට් කරන්නත් පුලුවන් 8 වලට හැබැයි අප්ඩේට් කලාට පස්සේ බැක්වඩ් සපෝට් එකක් නැ යාලුවා

    ReplyDelete

Post a Comment