October 23, 2011

dedunumax.com

මල්ලි කෙනෙක් ෆේස්බුක් එකේ මාව ටැග් කරලා තිබුන ‍පින්තුරයක් මට දාන්න හිතුනා මේ බ්ලොග් එකෙත්. ඇත්තටම ඒක දැක්කාම නම් ටිකක් දුකයි මට ඒත් මොනවා කරන්නද?

දේදුනුමැක්ස්
මට නැති වුන දේවල් නම් ගොඩයි උසස් පෙල කලාට පස්සේ. මගේ පාසල, මගේ පන්තිය, මගේ ඩොමේන් ටික, මගේ ‍බ්ලොග් පෝස්ට්. ඒ අතරේ මට මේක දැක්කාම තවත් දුකයි. මට තව නැතිවුන දේවල් තියනවා ඒවා දන්නෝ දනිති තමා.


‍මගේ වෙබ්සයිට් එකේ නමට යටින් තියෙන්නෙත් Life is not always as you wish! කියලනේ.


දේදුනු මම තමයි විකාර වැඩ කරන!!!

October 20, 2011

බිලොගර් අලුත් අතුරු මුහුනත

මම දැන් ටික කාලෙක ඉදලා මේ බ්ලොගර් අතුරු මුහුනත පාවිච්චි කලා. ඇත්තටම මට තේරුන දේ තමයි මේ අලුත් අතුරු මුහුනත සිත් ගන්නා සුලුයි වගේම සරලයි කියන එක. එදා ඉදන්ම බ්ලොගර් ටිකක් සරලයි. හැබැයි වර්ඩ්ප්‍රෙස් වලට වඩා ටිකක් වැඩ කැලි අඩුයි.

ඉස්සර වගේ නෙමේ දැන් බ්ලොගර් එකෙන් favicon එකකුත් දාන්න දෙනවා. ඇත්තටම එන්න එන්නම බ්ලොගර් වල ගුණයන් වැඩිවෙනවා. ඒවගේම අපිට කැමති දේවල් ප්‍රකාශ කරන්න ලැබෙන අයිතියත් වටිනවා. නොමිලේ ඩොමේන් එකක් ඇඩ් කිරිමේ පහසු කමත් දෙනවා. මම හිතන්නේ හොස්ටිං එකව්න්ට් එකක් අරන් වර්ඩ්ප්‍රෙස් දාලා හොස්ට් කලාම ලැබෙන හැම පහසු කමක්ම ලැබෙන්නේ නැති වුනත්. මේක ටිකක් හොදයි කියලා. මොකද Availability එක වැඩි ගොඩක්. ප්‍රායෝගිකව බැලුවාම ලොකුම ලොකු සයිට් එකක් කරනවා නම් හොස්ට්ං එකක් ගතයුතුයි. නමුත් ‍පෞද්ගලික අඩවියක් පවත්වා ගෙන යන්න නම් මේක සැහෙන්න ඇති කියලා මම හිතනවා.

මගේ අත්දැකිම එක්ක මම‍ මේ ලිව්වේ හික්ස් ;)

කොටස් වෙලදපලට අවුරුදු 25යි!

කොටස් වෙලදපලට අවුරුදු 25ක් පිරෙන හින්දා ආයෝජක මන්ඩලයෙන් තිරණය කරලා තියනවා ප්‍රදර්ශනයක් තියනන්න. ඒක SLECC එකෙදි මේ මාසේ 22වෙනි සෙනසුරාදා පවත් වන්න තිරණය කරලා තියනවා.
ඒදාට දැනුවත් කිරිමේ වැඩසටහන් එහෙම ලැස්ති කරලා තියනවලු. ඒවගේම හැම බ්‍රෝකර් කම්පැනියක්ම වගේ මේ ප්‍රදර්ශනයට කුටි එහෙම ලැස්ති කරලා තියනවලු. කොටස් වෙලද පොලේ ආයෝජනයට බය වෙලා ඉන්න අයට බය ඇරගෙන ආයෝජනය පටන් ගන්න එහෙම මේ ‍ප්‍රදර්ශනය උදව් වෙයි කියලා හිතනවා.
Smile
මටත් යන්න නම් අදහසක් තියනවා යන අය ඉන්නවදෝ?????

අලුත් ඩොමේන් එකක්!

මගේ තිබුන ඩොමේන් එක ගන්න බැරි වෙයි කියලා තමා මම හිතන්නේ. කව්රුහරි මේක කියවන යාලුවෙක් ඒක ගන්න විදිහක් දන්නවනම් කියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.

මම අලුතින් ඩොමේන් එකක් ගන්නවද කියලා කල්පනා කර කර ඉන්නේ http://www.dedunu.net හරි http://www.dedunu.info හරි ගන්න තමා අදහස නම්. මොනවා කරන්නද හැම තැනම දාලා තිබුන මගේ ඩොමෙන් එක මට නැති වුනානේ මගේ මෝඩ වැඩ හන්දා.


ඔයා‍ලගෙත් අදහසක් තියනවානම් කියල යන්න මට ඒක ලොකු උදව්වක්!!!

October 14, 2011

දැන් ඉතිං බ්ලොග් එකත් ඉවරයි

මගේ බ්ලොග් එකේ ඩොමේන් එකයි හොස්ටිං එකයි දෙකම එක්ස්පයර් වෙලා. ඉතින් මම ඒකේ ඩොමේන් එක විතරක් ඉල්ලුවා http://lkwebhosting.com/ එකෙන්. මේ කම්පැනිය ඉස්සර අයිතිකාරයෝ නෙමේ කරන්නේ. ඇත්තටම දැන් ඉන්න අය කස්ටමර්ලට පරන අයට ඕනේනම් ඉදපං නැත්තම් පලයං කියලා කියන්නේ. මට ඉස්සර හිටපු අය ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නම් කිව්වා මගේ ෆයිල්ස් මගේ ලයිෆ්ටයිම් එකට ඒත් දැන් ඉන්න අය එක කරන්න බැලු. මටත් දුක හිතුනා. මම කිව්වා මට ඕනේ නැ කියලා. මම ඩොමේන් එක ට්‍රාන්ස්ෆර් කරගන්න ඉල්ලුවා. එහෙම එකකුත් නැලු එයාලගේ. ඉතිං මගේ ඩේටා ඔක්කොම නැති වුනා කරන්න දෙයක් නැ හිත හදාගන්න තමා තියෙන්නේ. ඩේටා දෙන්නෙත් නැලු. මගේ වැරැද්ද මට මගේ වර්ඩ්ජ‍‍ප්‍රෙස් ඩේටාබේස් එක බැක්අප් කරගන්න බැරි වුනා. කමක් නැ.