December 23, 2011

අලුත් ෆේස්බුක් ස්ක්‍රෝල්බාර් එක

මට මුලින්ම ඊයේ දකින්න ලැබුනා ෆේස්බුක් එ‍කේ මෙන්න මේ ස්ක්‍රොල් බාර් එක.



Friend Request බලන තැන ගොඩක් ‍Friend ලා බලන්න පුලුවන්. ඇත්තටම මෙවගේ නො‍ටිෆිකේෂන් වලටත් දැම්මනන් හොදයි. මොකද සමහර වෙලාවට ස්ක්‍රීන් එක නොපෙනෙන්නම් වැටෙනවා මේනුඑක. ඒ වෙලාවට පේජ් එක ස්ක්‍රෝල් කරත් පේන්නේ නැනේ.  මම ඉතින් යාලුවන්ගේ මූනු කපලා දැම්මේ. මෙයාලා තාම ඇඩ් කරගෙන නැ. මොකද ෆේස්බුක් එකේ යාලුවෝ ඇඩ් කරගෙන කරගෙන ගිහිල්ලා ලිමිට් එකටම ඇවිල්ලා තියෙන්නේ. කොච්චර රික්වෙස්ට් ආවත් මම ඇක්සෙප්ට් කරන්නේ නැ.


වැදගත්ම ‍යාලුවෙක් විතරයි ඇඩ් කරගන්නේ. හැම Frienda ම වැදගත් වුනාට ඇඩ් කරගන්න බෑ. ෆේස්බුක් කියන්නේ හොද ඇඩ්වටයින් දාන්න තැනක්. ඉතින් ඒකෙන් අපේ බ්ලොග් පෝස්ට් වලට කට්ටිය ගෙන්න ගන්න ඕන හන්දා තමා මම ඒකේ ඉන්නේ. ඒවගේම තවදෙයක් තියනවා ෆේස්බුක් වයිඩ්ස්ක්‍රීන් තියන අයට ගොඩක් දේවල් පෙන්නනවා. ඒකියන්නේ අයිනේ අප්ඩේට්ස් පෙන්නවා ඒත් පොඩ් ස්ක්‍රීන් අයට ඒ චාන්ස් එක නෑ. FB කියන්නේ හැමෝටම වයිඩ්ස්ක්‍රීන් ගන්න කියලද දන්නේ නැනේ?

2 comments: