Microsoft codename "Roslyn"

මේක ඇත්තටම අලුත් දෙයක්. මේකෙන් මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන C# හා Visual Basic භාෂාවල් වල compiler එක ඒ භාෂාවලම  API එකක් විදිහට ඉදිරිපත් කරන ව්‍යාපෘතියක්.

ඇත්තටම මෙයාලා කියන්නේ කම්පයිලර් එක Service එකක් වෙනවා කියලා. ඇත්තටම කම්පයිලරයේ ක්‍රියාකාරිත්වය එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්. එතකොට run time එකේදිත් කොඩ් එකක් කම්පයිල් කරන්න පුලුවන්. මේක ඇත්තටම නියම වැඩක්. මටත් මේහෙම එකක අවශ්‍යතාවයක් ආවා ඒක දවසක් විෂුවල් බේසික් 6 පාවිච්චි කරද්දි.

Visual Studio 2012 වෙනකන් මේක එලියට දාන්නේ නැ කියලා තමා අන්‍ඕෆිෂියල් නිව්ස් ලයින් කියන්නේ. දැනට පොඩි issues  ‍ටිකක් තියනවලු. කොහොම වුනත් මේක ඊලග පරම්පරාවේ භාෂාවක් වෙන්න යන්නේ. ඇත්තටම මේක ගොඩක් හොදයි. ගොඩක් අලුත්‍ දේවල් කරන්න පුලුවන් වෙයි ඉස්සරහට මේ භාෂාවල් එක්ක.



දැනට මේක දාගන්න පුලුවන් විෂුවල් ස්ටුඩියෝ 2010 SP1 එක්ක විතරයි.

මෙතනින් බාගන්න පුලුවන් මේ රොසලින්ව.
http://www.microsoft.com/download/en/details.aspx?id=27746

මේක ගැන කියවලා බලන්න
http://msdn.microsoft.com/en-gb/hh500769
http://en.wikipedia.org/wiki/Microsoft_codename_%22Roslyn%22