Microsoft Visual Studio LightSwitch

ගොඩක් වෙලාවට සොෆ්ට්වෙයාර් ඩිවලොපර් ලව අරගන්නේ පෞද්ගලික ආයතන වල ඩේටාබේස් සම්බන්ධ ඩිවලොප්මන්ට් වලටමයි. ඉතින් සමහර විට ගොඩක් ප්‍රොජෙක්ට් එක වගේමයි. හැමදාම එකම එන්ටර් කරන ෆෝර්ම් එක හදලා එක එක විදිහට ඩිවලොප් කරන එක තමා කරන්නේ. ‍ඇත්තටම මේක අපරාධයක්නේ. දක්ෂ ක්‍රමලේක ‍ශිල්පියෝ හැමදාම ඩේටා එන්ටර් කරන ෆෝම් වලට හිර කරලා තියන එක.

මේකට මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් දෙන අලුත්ම විසදුම තමා මේ. Microsoft Visual Studio LightSwitch 2011. ඇත්තටම මේකේ එන්ටිටි ඩිසයිනර් එකක් තියනවා ඒකෙන් අපිට ‍අලුත් ඩේටාබේස් එකක ස්ට්‍රක්චර් එක හදන ගමන්ම අලුතින් ඊට අවශ්‍ය ඩේටා මැනිපුලේටින් ඩ‍යලොග් ටික හදාගන්න පුලුවන්. ඒවගේම දැනට හදලා තියන ඩේටාබේස් එකක් සම්බන්ධයෙන් වුනත් smooth වැඩ කරන්න පුලුවන්. මේක සිල්වර්ලයිට් තාක්ෂනය තමා මේ ‍ෆෝම් ජෙනරේට් කරන්න පාවිච්චි කරන්නේ. මේ ෆෝම් වලට ස්ක්‍රීන් කියලා තමා ලයිට් ස්විච් වල කියන්නේ.

 මේක මෙගාබයි 570ක් විතර වෙන්නේ ඩව්න්ලෝඩ් කරලා, ට්‍රයි කරලා බලන්න. මම තව විස්තර ලියන්නම්. ඒවගේමයි මට කියන්න අමතක වුනා ටේබල්ස් වල ‍රිලේෂන්ෂිප් වුනත් අපිට පාවිච්චි කරන්න පුලුවන් මේකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ස්ක්‍රීන් ටික ජෙනරේට් කරලා දෙනවා. Input validation වුනත් ගොඩක් ලේසි. මේක ව්‍යාපාරම සෘජුවම ඉලක්ක කරලා හදපු නිෂ්පාදනයක්. ගොඩක් සාර්ථක වෙයි කියලා මම හිතනවා.