SQL එක එක කාර්යන් වලට වෙන්කරන ලද කොටස් තියනවා. ඇත්තටම එකම එක භාෂාවක් වුනාට එක එක කොටස් තියනවා එක එක දේවල් වලට.
DML - Data Manipulation Language
වැඩියෙන්ම SQL වල භාවිතා වෙන්නේ මම හිතන විදිහට DML Operation වෙන්න ඕන. මොකද Database එකක තියන දත්ත Database එකෙන් අරගන්න, Database එකේ තියන දත්ත වෙනස් කරන්න ඒවගේම දත්ත අලුතෙන් එකතු කරන්න තියන දත්ත මකන්න කියන හැමදේටම SQL වලදි අපි පාවිච්චි කරන්නේ DML.
උදා:-
- SELECT
- DELETE
- INSERT
- UPDATE
DDL – Data Definition Language
Database වල තියන දත්ත අපි ගබඩා කරලා තියන්නේ ටේබල් වල. ඒවගේ ටේබල්, ඉන්ඩෙක්, වීවිස් වගේ දේවල් ඩේටාබේස් එකේ හදන්න වෙනස් කරන්න මකන්න වගේ දේවල් වලට DDL භාවිතා කරනවා.
උදා:-
- CREATE
- DROP
- ALTER
DCL – Data Control Language
DCL භාවිතා කරලා අපි කරන්නේ දත්ත පාවිච්චි කරන්න දත්ත මකන්න වෙනස් කරන්න එක එක පරිශීලකයන්ට අවශ්‍ය බලය ලබා දෙන්න. එවගේම දැනට තියන අයිතීන් ඉවත් කරන්න වෙනස් කරන්නත් මේ DCL භාවිතා කරනවා.
උදා:-
- GRANT
- REVOKE
හොදයි
ReplyDelete